ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුව වැව් තාවුල්ලේ නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.67 out of 5)
ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුව වැව් තාවුල්ලේ කඩා දමන ලද හුණුගල්  පාශානයෙන් නෙලනලද අලංකාර හිටි පිළිමයේ කොටස්   - Muthiyankadduwa  Archaeological Ruins in Mulativu
ඔඩ්ඩුසුඩාන් මුතියංකට්ටුව වැව් තාවුල්ලේ කඩා දමන ලද හුණුගල් පාශානයෙන් නෙලනලද අලංකාර හිටි පිළිමයේ කොටස් – Muthiyankadduwa Archaeological Ruins in Mulativu
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටන මුතියංකට්ටුව වැව මුලතිවු දිස්ත්රික්කයේ විශාලතම වැව් කිහිපයකින් එකකි. වර්ග කිලෝමීටර 11ක (අක්කර 2,700) ක පමණ වපසරියක් වසාගෙන සිටින මෙම වැවේ, තාවුල්ලේ වනය තුල මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටයි.

මෙම පුරාවස්තු අක්කර 2 ක පමණ භූමියක දැනට සොයාගෙන ඇත. මෙම නටබුන් අතර ගරාවැටුන දාගැබක්, පිළිම ගෙයක් හා ගල්කණු සහිත ගොඩනැගිලි 3ක නටබුන් වේ. මෙම ආරාමය අනුරාධපුර අයත්වන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

⚙️ [Google Ad 01 -SI]

මෙහි ඇති දාගැබ මීටර් 10ක් පමණ විශ්කම්භයකින් යුක්ත අතර මීටර 2 ක් පමණ උසට එහි අවශේෂ පවතියි. දාගැබ මත විශාල වෘක්ෂයන් වැවී ඇත. මෙම දාගැබට ඊසාන දෙසින් ගඩොල් ඇතුරුමක අවශේෂ දක්නට ඇත. දාගැබේ උතුරු හා ඊසාන දිශාවන්හි තැනින් තැන පේසා වළලු කොටස් තවමත් දැකගත හැක. දාගැබ අවට ගඩොල් හා මොල්ඩින් ගල් කැබලි පිරී පවතී.

දාගැබට උතුරින් ගොඩනැගිල්ලක ගල්කණු 3 ක අවශේෂ දක්නට තිබේ. මේවා මීටර 1ක් පමණ උස්වේ. මෙම ගොඩනැගිල්ලට මීටර 10ක් පමණ දකුණින් තවත් ගොඩනැගිල්ලක ගල්කණු 11ක් ඉතිරිවී තිබේ. මේවා සෙන්ටිමීටර 80 ක් පමණ උසින් යුක්ත වේ.

දාගැබට දකුණින් මීටර 50ක් පමණ දුරින් පිළිමගෙයක් ලෙස හඳුනාගත් ගොඩනැගිල්ල පිහිටයි. මෙය මීටර 10ක් දිග හා මීටර 6.5ක් පළල වේ. මෙහි විනාශ කරන ලද හිටි පිළිමයක කොටසක් පමණක් දක්නට ඇත. මෙම කොටස දිගින් සෙන්ටිමීටර 60ක් ද පළලින් සෙන්ටිමීටර 45ක් පමණද වේ. හුණුගල් පාෂාණයෙන් නෙලා ඇති මෙම පිළිමයේ ඉතිරි වී ඇති කොටසේ සිවුරේ රැලි මනාව නෙළා ඇති අයුරු දැකගත හැක.

ඉහත සඳහන් කල පිළිමගෙයට මීටර 20ක් පමණ දකුණින් තවත් ගොඩනැගිල්ලක නටබුන් තිබේ. මෙහි සෙන්ටිමීටර 80ක් පමණ උස ගල් කණු 3ක් ශේෂවී තිබේ.

ඔඩ්ඩුසුඩාන් ගල් කොරිය මංසන්දියෙන් වමට හැරී මුතියංකට්ටුව වැව දෙසට යන මාර්ගයේ කිලෝමීටර 6ක් ගමන් කර මුතියංකට්ටුව ගොවිපොළ මැදින් කිලෝමීටර 2ක් ගමන්කොට පුහුණු පාසල තුල වූ ගං ඉවුර දෙසට මීටර 500ක් පමණ ගමන් කිරීමෙන් මෙම පුරාවිද්‍යා නටබුන් වෙත ලඟාවිය හැක.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 13 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

මුතියංකට්ටුව වැව් තාවුල්ලේ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුතියංකට්ටුව වැව් තාවුල්ලේ නටබුන් රියදුරු දිශාවන්

ඔඩ්ඩුසුඩාන් සිට මුතියංකට්ටුව වැව් තාවුල්ලේ නටබුන් දක්වා
හරහා : මාන්කුලම් පාර
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 45-60
ගත කිරිය යුතු කාලය : විනාඩි 45  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)