
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
පෙරාරු (පේ ආරු) යන නමින් හැඳින්වෙන ඔය වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර ප්‍රදේශයෙන් ආරම්භ වී මුලතිව්හි නන්දිකඩාල් කළපුවෙන් මුහුදට එක්වේ. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුතියන්කට්ටුව (මුතියන් කට්ටි කුලම්) ග්‍රාම නිලධාරී වසමේ පෙරාරු ඔය හරහා පුරාණ අමුණක නටබුන් දැකගත හැක.
පුරාණයේ ගංගා හා වෙනත් දියපහරවල් හරහා බඳින ලද උසින් අඩු බැමි අමුණු ලෙස හැඳින්වේ. මෙම අමුණු මගින් ගංගාවේ ජල කඳ වෙනත් ඇල මාර්ග වලට හරවා කෙත්වතු වලට හෝ වෙනත් වැව් පිරවීම සඳහා භාවිතා කරන ලදී.
මෙම පැරණි අමුණ සෑදීම සඳහා භාවිතා කරන ශිලා පුවරුවල ඇති කළ කටු සිදුරුවල හැඩය අනුව මෙය අනුරාධපුර යුගයේ නිර්මාණයක් බව පැහැදිලිය. අමුණේ ඉවුරු දෙකෙන් එක් ඉවුරක් බොරදම් හා ගල් කුට්ටි භාවිතයෙන් ක්‍රමානුකූලව සකස් කර ඇති අතර ස්වභාවික ගල් තලාව උපයෝගී කරගෙන අවශ්‍ය ස්ථාන වලට පමණක් බැමි යොදා දෙවන බැම්ම සකසා තිබේ.
දිය පහර හරහා බැඳී අමුණේ ගල් මෑතක දී ගරා වැටී ඇත. ස්වභාවික ගල්තලාවක් මත පිහිටා තිබීම නිසා පෙරාරු ඔය පටු වන ස්ථානය මෙය වන බැවින් අමුණ නිර්මාණය කිරීමේදී ඒ සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරා ගැනීමට පැරැන්නන් කටයුතු කර ඇති බව මනාව පැහැදිලිය.
වව්නියාවේ සිට ගමන් කිරීමේදී ඕමන්තේ පසු කොට පුලියන්කුලම හන්දියෙන් නැදුන්කේනි හරහා ඔඩ්ඩුසුඩාන් වෙත ළඟාවිය හැක. ඔඩ්ඩුසුඩාන් සිට මුතියන්කට්ටුකුලම වැව දෙසට ගමන් කොට දකුණු ඇළ මාර්ගය ඔස්සේ කිලෝමීටර් තුනහමාරක් පමණ ගමන් කර මෙම අමුණට ළඟා විය හැක. පෙරාරු ඔය දෙසට ඇති අවසාන අඩි පාර පෙන්වමින් කහ වර්ණයෙන් පුරාවිද්‍යා පුවරුවක් සවි කොට ඇත. එහි දිශාව පෙන්වා පුරාවිද්‍යා ස්ථානය ලෙස සඳහන් කොට ඇත. නමුත් අද වන විට මෙම පුවරුව තිබේදැයි නොදනිමි.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .96-97.
- GIS Based Dashboard for Archaeological Sites – District Summary
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ රියදුරු දිශාවන්
වවුනියාව සිට මුලතිවුහි සැඟවුණු පුරාණ පෙරාරු අමුණ දක්වා |
| හරහා : ඕමන්තේ – පුලියන්කුලම – ඔඩ්ඩුසුඩාන් – මුතියන්කට්ටුකුලම වැව මාර්ගය මුළු දුර : කිලෝමීටර් 62 ගතවන කාලය : විනාඩි 1.30 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



(3 votes, average: 3.33 out of 5)
