ගම්පහ අහුගම්මන අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 4.50 out of 5)

කඩුවෙල නගරයේ සිට වැලිවේරිය දෙසට කිලෝමීටර 8ක් ගමන් කිරීමේදී හමුවන දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයෙන් අකුරුමුල්ල දෙසට හැරී කිලෝමීටර 2 ක් ගමන් කිරීමෙන් අහුගම්මන අම්බලමට ලඟා විය හැක. මෙම අම්බලම වෙල්යායකට පසුලා මාර්ගයට යාබදව ස්ථානගත වී තිබෙනවා.

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා.  ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.

[Google Ad 01 -EN]

ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

මෙම අම්බලම සාදා තිබෙන්නේ ගඩොලින් හා බදාමයෙන්. මෙම  නිර්මාණය කළාත්මක ගුණයෙන් විශේෂත්වයක් නැතත් අම්බලමක් ලෙස විශේෂත්වයක් දරනවා. මෙහි ඇතුල්වීමට ඇති ද්වාරය සමග ඇති කණු 2ක් සමග කණු 9ක් වහලය දැරීමට යොදවා තිබෙනවා.

අද මෙම අම්බලමේ වහලය සෙවිලි කර තිබෙන්නේ රට උළු භාවිතා කරලා.  ඇතුලත තුන් පැත්තක ආසන පෝරු සාදා තිබෙනවා.මෙහි නිල්  හා සුදු වර්ණයන් මෑතක් වන තුරු මෙම අම්බලමේ ආලේප කර තිබුණා . 2020 වර්ෂයේ ජනවාරි මාසයේ රටපුරා ඇති වූ බිත්ති වල චිත්‍ර ඇඳීමේ රැල්ලත් සමග මෙහි පිටත බිත්ති නොයෙක් චිත්‍රයන්ගෙන් ආවරණය කර තිබෙනවා.

සම්බන්ධ වෙනත් පිටු

ගම්පහ අහුගම්මන අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගම්පහ අහුගම්මන අම්බලම රියදුරු දිශාවන්

කඩුවෙල සිට ගම්පහ අහුගම්මන අම්බලම දක්වා
හරහා : වැලිවේරිය -උඩුපිල
මුළු දුර :කිලෝමීටර 10
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)