කැකිරාව මහ ඇලගමුව අම්බලම / බණ මඩුව

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 4.75 out of 5)

දඹුල්ල නගරය පසුකර මිරිස්ගෝනිඔය මංසන්දියෙන් කැකිරාව දෙසට කිලෝමීටර 12ක් ගමන් ගෙන මහ ඇලගමුව රජමහා විහාරයට ඇතිපටු හරස් මාර්ගයකින් දකුණට හරවා කිලෝමීටර 1½ පමණ ගමන් කිරීමෙන් විශාල වෙල්යායක් අසබඩ මෙම බණමඩුව (අම්බලම) දැක ගත හැක. (ස්ථානය හා ගමන් මාර්ගය සඳහා පහත ගූගල් සිතියම හා රියදුරු දිසාවන් බලන්න)

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරඇති මෙම ගොඩනැගිල්ල “මහ ඇලගමුව අම්බලම” ලෙස සඳහන් කොට ඇත. එම පලකයට අනුව මෙම ගොඩනැගිල්ල ගොඩනැගූ අය හෝ කාලය පිළිබඳව සාධක නොමැත. නමුත් මෙය අනුරාධපුර මුල් සමයේ සිට දුර ගමන් කල මගීන්ගේ පහසුව උදසා ගොඩනංවන අම්බලමක් ලෙස සඳහන් කොට ඇත.

[Google Ad 01 -EN]

මෙවන් වෙනත් අම්බලම් හා සසඳන කල මෙම අම්බලමේ ලැගුම්ගන්නන්ගේ ආරක්ෂාවට කෙටි තාප්පයක් හෝ නොමැත. එමෙන්ම අම්බලමක දැකියහැකි පිලද මෙහි දැකිය නොමැත.

වසර 2016දී පළකරනලද “සීගිරිය හා ඔබ්බට” (Sigiriya & Beyond) ග්‍රන්ථයේ මෙම ගොඩනැගිල්ල අම්බලමක් නොව බණමඩුවක් බවට හඳුනාගෙන ඇත.

අද එම ප්‍රදේශයේ ඇති බෝධිරාජාරාමය විහාරය පුරාණයේ බණ ගේ පන්සල නමින් හඳුන්වා තිබේ. ප්‍රදේශයේ ජනශ්‍රුතියන්ට අනුව මෙම බණගේ ඇති විහාරය නංවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747 – 1781) මෙම ප්‍රදේශයේ සංචාරයදී නවාතැන් ගත් ස්ථානය මතය. මෙම බන මඩුව මහනුවර සම්ප්‍රදායන්ට අනුව කැටයම් කල දැව කණු හා බාල්ක යොදා සදා තිබී ඇත. මෙම බණ ගෙය විහාරයේ ප්‍රධානතම අංගයක් වූ හෙයින් එය “බණ මඩුව පංසල” ලෙස ප්‍රචලිත වී ඇත.

කාලයාගේ ඇවෑමෙන් මෙම විහාරය අවභාවිතයට ගොස්ඇති අතර යම් හේතුවක් නිසා වසර 1904 දී මෙම බණ මඩුවේ ඉතිරිව තිබු කොටස් ගලවා දැනට දක්නට ඇති ස්ථානයේ නැවත ගොඩනංවා ඇත.  මෙහි තිබූ  කැටයම් කල දැව කණු වෙනුවට එකළ ප්‍රචලිත යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව යමින් ගඩොලින් හා බදාමයෙන් කණු නංවා ඒ මත පැරණි වහල් බාල්ක භාවිතා කරමින් මෙම ගොඩනැගිල්ල සාදා ඇති බව පෙනේ. එබැවින් කැටයමින් යුත් පුරාණ බාල්ක අදටත් මෙම ගොඩනැගිල්ලේ දැක ගත හැක. මෙහි වහලය සාදා ඇත්තේ අම්බලම් වලදී දක්නට ලැබෙන තාක්ෂනය යොදමිනි. වහලයේ සියලුම පරාළ මුදුන් කොණින් මල් කැටයමින් යුත් කැණිමඩලට එක්රැස් කොට ඇත.

මෙම ගොඩනැගිල්ල නැවත වරක් ගොඩනැගුනේ සිධස්ථානයක් නොමැතිව කුඹුරක් ආසන්නයේ බැවින් මෙම බණ මඩුව අම්බලමක් ලෙස භාවිතා වන්නට හැක.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  • Gunetilleke, N., 2016. Sigiriya And Beyond. 1st ed. Colombo: Perera Hussein Publishing House, p.190.

සම්බන්ධ වෙනත් පිටු

කැකිරාව මහ ඇලගමුව අම්බලම / බණ මඩුව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කැකිරාව මහ ඇලගමුව අම්බලම / බණ මඩුව රියදුරු දිශාවන්

දඹුල්ල සිට මහ ඇලගමුව අම්බලම / බණ මඩුව දක්වා
හරහා : කැකිරාව පාර
මුළු දුර :කිලෝමීටර 14
ගතවන කාලය  : විනාඩි 20
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)