![වැලිමඩ මොරගොල්ල අම්බලම - Welimada Moragolla Ambalama](https://i0.wp.com/amazinglanka.com/wp/wp-content/uploads/2020/06/moragolla01.jpg?resize=640%2C363&ssl=1)
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ සිට කිලෝමීටර 2 ½ක් මොරගොල්ල මාර්ගයේ ගමන් කලවිට මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් (Malwatte Valley Plantations) මගින් පාලනය වන ඩවුන්සයිඩ් වතුයාය (Downside Estate) තුල මෙම අම්බලම මොරගොල්ල මාර්ගය පසකට වන්නට දැක ගන්නට පුළුවන්.
මොරගොල්ල අම්බලම ප්‍රමාණයෙන් කුඩා අම්බලමක්. මෙය සාදා තිබෙන්නේ ගඩොල් හා බදාමයෙන්. දොරටුව ඇති දිශාව හැර අන් පැති තුනම සම්පූර්ණයෙන් බිත්තියෙන් වසා තිබෙනවා. වහලය පළ දෙකකට සදා සිංහල උළු යොදා ආවරණය කර තිබෙනවා.
ඇතුලත පිටුපස පිල උස්ව හා දෙපස පිල් ඊට සාපේක්ෂව උසින් අඩුව සාදා තිබෙනවා. කුල භේදය තදින් තිබූ නුවර යුගයේ අම්බලම් බොහොමයක වෙනස් උසින් පිල් සෑදීම දැකගත හැකි අතර තේ වතුයායක් මැද තිබෙන අම්බලමකද මෙම ලක්ෂණය දැකගත හැකිවීම විශේෂත්වයක්.
වසර 2015දී ගන්නා ලද ඉහත ඡායාරූපයට අනුව මෙම අම්බලමේ වහලය දිරාපත් වී කඩාවැටී ඇති අයුරු දැකගන්න පුළුවන්. පසුකාලයක මෙම අම්බලම ප්‍රතිසංස්කරණය කර වහල ගැල්වනයිස් රැලි තහඩු (ටකරං තහඩු) යොදා ආවරණය කර තිබෙනවා. (පහල ඡායාරූපය බලන්න)
![වැලිමඩ මොරගොල්ල අම්බලම - Welimada Moragolla Ambalama](https://i0.wp.com/amazinglanka.com/wp/wp-content/uploads/2020/06/moragolla02.jpg?resize=640%2C406&ssl=1)
ඡායාරූපය : Lasantha Wijekoon
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
වැලිමඩ මොරගොල්ල අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වැලිමඩ මොරගොල්ල අම්බලම රියදුරු දිශාවන්
වැලිමඩ සිට මොරගොල්ල අම්බලම දක්වා |
හරහා : මොරගොල්ල පාර මුළු දුර :කිලෝමීටර 2.5 ගතවන කාලය : විනාඩි 10 ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
Tourist Attractions (13) අම්බලම (57) ආකර්ෂණ (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (296) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (4) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (24) වැව් හා ජලාශ (12) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (10) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)