

පිහිටිම – උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 560 – ඌත්තුපිටිය ග්‍රාම නිලධාරි වසමේ රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය තුළ පිහිටා ඇත.
ගමන් මාර්ගය – අනුරාධපුරයේ සිට මරදන්කඩවල හරහා ගනේවල්පොල තෙක් කිලෝමිටර් 51 ක් ගමන් කර වමට ඇති ගලෙන්බිඳුනුවැව මාර්ගයේ කිලෝමිටර් 5 ක් දුර ගමන් කල පසු පිහිටා ඇති ඌත්තුපිටිය ගම්මානයෙන් රිිටිගල රක්ෂිතය තුලට කිලෝමිටර් 3 ක් ගමන් කිරිමෙන් මෙම ස්ථානයට ළඟා විය හැක.
රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය තුළ සැඟව තිබෙන පුරාවිද්‍යා ස්මාරක අතර පුරවිද්‍යාත්මක අගයෙන් ඉහළ ස්මාරක සංකීර්ණයක් ලෙස මෙම ස්ථානය හැඳින්විය හැක. ඝන වනාන්තරය තුළ අලි,කොටි,වලසුන් ගැවසෙන ප්‍රදේශයක මෙම ස්මාරක සංකීර්ණය පිහිටා ඇත.
මෙම ස්මාරක සංකීර්ණයේ තුළ ස්ථුප ගොඩැලි දෙකක්,ගොඩනැගිලි සාධක සහිත නටබුන් ස්ථාන පහක් පමණ දක්නට ලැබේ.මෙම ස්මාරක දැඩි ලෙස නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.මෙම ස්ථානයේ කටාරම් කෙටු ලෙන් 10 ක් පමණ දක්නට ලැබේ. මෙම සෑම ලෙනකම පාහේ ලෙන් ලිපියක් දක්නට ලැබේ. මීට අමතරව බැමි කොටස් හා පියගැටපෙළ දක්නට ලැබේ.මෙම ස්මාරක සංකීර්ණයේ ලෙනක් පිහිටි ගිරිකුළක මුදුනේ ගිරි ලිපියක් දක්නට ලැබේ.එමෙන්ම මෙම ස්මාරක සංකීර්ණයේ පහළින් ගලා යන ජල පහරක් හරස් කර සකස් කරන බැම්මක් දක්නට ලැබේ.මෙම ආරාම සංකීර්ණයට අවශ්‍ය ජල පහසුකම් ලබා ගැනීම හා ප්‍රවේශ මාර්ගයක් ලෙස මෙම බැම්ම භාවිතා කර ඇති බවට නිගමනය කර හැක.
ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමිය පහත සිතියමේ ලකුණුකර ඇත්තේ දළ ලෙස බව සලකන්න.
සම්බන්ධ වෙනත් පිටු
රිටිගල ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
රිටිගල ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්
හබරණ සිට රිටිගල ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමිය දක්වා |
| හරහා :පලුගස්වැව මුළු දුර : කිලෝමීටර් 20 ගතවන කාලය : විනාඩි 30 පමණ + රිටිගල වනය තුල ඇවිදීමට ගත වන කාලය ගත කිරිය යුතු කාලය : විනාඩි 60 – 120 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)












