අනුරාධපුර සිට මිහින්තලා මාර්ගයේ කිලෝමීටර 30ක් එසේ නැතිනම් මිහින්තලාව පසුකොට කිලෝමීටර 12.5ක් ත්‍රිකුණාමල මාර්ගය ඔස්සේ ගමන් කල විට කහටගස්දිගිලියේ මැකිච්චාව මංසන්ධියේ සිට ගලෙන්බිඳුණුවැව මාර්ගය දෙසට මීටර 100ක් පමණ ගමන් ගත් කළ දකුණට ඇති කුඩා අතුරු මාර්ගය ඔස්සේ මීටර 100ක් පමණ ගමන් ගත් කල පුරාණ පාළුමැකිච්චාව (මැකිච්චාව) වැව හමුවේ. ප්‍රමාණයෙන් කුඩා මෙම වැවේ පිටවාණ ගල් පොත්තේ මෙම ලිපිය හමුවේ.
මෙම සෙල්ලිපිය පිළිබඳව මුලින්ම සඳහන් කරන්නේ 1883දී දොස්තර එඩ්වර්ඩ් මියුලර් මහතාය ලංකාවේ පැරණි සෙල්ලිපි (Ancient Inscriptions of Ceylon by Doctor Edward Muller) .
ඔහු විසින් එහි මෙම සෙල්ලිපිය තරමක හොඳ තත්වයේ පවතින බවත් එහි සඳහන් වන වැව් දෙක අද හඳුනාගත නොහැකි බවත් පවසයි. ඔහු විසින් මෙම ළිපිය නිවැරිදිව කියවා ගත නොහැකි වුවද එම ගිරිලිපිය පිටපත් කොට මුද්‍රණය කිරීමෙන් එහි වැදගත්කමක් ඇති බව හඳුනාගත්තා වැනිය.
මෙම සෙල්ලිපිය පිලිබඳ දීර්ඝ විස්තරයක් 1912දී මුද්‍රිත එපිග්‍රැෆියා සෙලානිකා – පලවන වෙළුම (EPIGRAPHIA ZEYLANICA Vol 1) ග්‍රන්ථයේ සඳහන් වේ.
මෙම සෙල්ලිපිය අඩි 8ක් දිග හා අඩි 3½ පළල ප්‍රදේශයක් පුරා පේලි 6කින් යුක්තය. මෙහි මුල් පේලියේ 5,6 හා 7වන අක්ෂර හැර සියලු අක්ෂර පැහැදිලිය. මෙම අක්ෂර වල උස අඟල් 4 සිට 7 දක්වා පරාසයක වෙනස්වන අතර පළල අඟල් 2½ – 5 දක්වා වෙනස් වේ. මෙම ලිපිය ලියා ඇත්තේ 2වන ශතවර්ෂයේ අග භාගයට අයත් දක්ෂිණ බ්‍රාහ්මී අක්ෂරයෙන්ය.
මෙම සෙල්ලිපිය මෙසේ කියවේ;
1. මහරජ(හ වහ)බයහ
2. මනුමරක තිස මහරජහ පුති
3. මහරජි ගමිණි අබයෙ උපල-විබ-
4. -ජකහි වඩමණක-වවි පච සහ(සි) කහවණ
5. දරිය කණවය තුබරබ බුක සග
6. හටය චතිරි පචණි පරි
මහරජ තිස්සගේ පුත්‍රයා වූද මහරජ වසභගේ මුණුපුරා වූද මහරජ අභය කහවණු පන්දහසක වියදමක් දරා උපල කොටසේ වඩමනක වැව කැන, තුබරබ හි වැඩසිටින සංඝයාවහන්සේලාගේ සිවුපසය ලබා ගැනීමට පූජා කරන ලදී.
මෙම ලිපියෙන් කියවෙන අභය රජු ගජබාහු I ( 112-134) නමින් ප්‍රසිද්ධ ගජබාහු ගාමිණි අභය රජුය. ඔහුගේ පියා තිස්ස වන්නේ වංකනාසික තිස්ස (109-112) රජු හා සීයා වසභ (65-109) රජුය. x ගජබාහු රජු විසින් උපල නම් ප්‍රදේශයේ මෙම වදාමනක වැව කහවණු පන්සීයක වියදමින් සාදා මෙම වැවෙහි ජලයෙන් අස්වද්නා කුඹුරු ආදියෙන් ලැබෙනා ධන ධාන්‍ය තුබරබ (ථූපාරාම) විහාරෙහි වැඩසිටිනා භික්‍ෂූන් වහන්සේලාගේ පැවැත්ම සඳහා පූජා කොට ඇත.
මෙම සෙල්ලිපිය කරුණු කිහිපයක් නිසා වැදගත්වේ. මෙය ලංකාවේ මුල්ම ස්තූපය නම සඳහන් වූ දැනට සොයාගෙන ඇති පැරණිතම ශිලා ලේඛනයයි. එමෙන්ම පුරාණ ලංකාවේ රාජ වංශයේ රජවරු තිදෙනෙකුගේ සම්බන්ධතාවය මින් සාධනය කරයි.
වංකනාසික තිස්ස රජුගේ පාලන කාලය වසර 3ක් පමණක් වේ. මෙම කාලයේ සොළීන් බලවත් වී ඔවුන් මෙරට ආක්‍රමණය කොට සිංහල 12,000ක් සිංහළ සිරකරුවන් සොළී දේශයට ගෙනගිය බව වාර්තාවේ. ඉන්පසු රාජ්‍යත්වයට පැමිණි ගජබාහු රජ ඔහු තම පියාගේ රාජ්‍ය කාලයේ සොලී දේශයට රැගෙන ගිය දොළොස් දහසක් සිංහල නිදහස් කරවාගෙන ඊට වන්දි වශයෙන් දොළොස් දහසක් දෙමළ සිරකරුවන් රැගෙන ලංකාවට නැවත පැමිණි අයුරු රාජාවලියේ සඳහන් වේ. එබැවින් දුර්වල වී තිබූ හෙළයේ පාළනය නැවත බලවත් කලේ ගජබාහු රජුය. මෙම රජු විසින් කරවන ලද සෙල්ලිපිය එහි අගය තවත් වැඩි කරයි.
2017 වසරේ ථුපාරාමය පිළිබදව ග්‍රන්තයක් රචනා කෙරීමේ අරමුණෙන් මල්වතු විහාර වාසී මැද මහනුවර ධම්මසිරි හිමියන් පාලුමැකිච්චාව සෙල් ලිපිය පරික්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේදී වසර 1800කට වඩා පැරණි මෙම වටිනා සෙල්ලිපිය මතින් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් කොන්ක්‍රීට් බැම්මක් බැඳ ඇති බව සොයා ගැනිණි. වසර 100 පෙර යුරෝපියෝ හඳුනාගත් වටිනාකම ලාංකිකයන්ට හඳුනාගත නොහැකි වී ඇත.
දශක කිහිපයකට පෙර මැකිච්චාව වැවේ පිටවාණ උස්කිරීමට මෙම ගලතලාව හරහා කොන්ක්‍රීට් බැම්ම බැඳ ඇත. අද මෙම සෙල්ලිපියේ පේළි 6න 5ක්ම කොන්ක්‍රීට් බැම්මෙන් යටවී ඇත.
මූලාශ්‍ර
- MUELLER, E., 1883. Ancient Inscriptions In Ceylon. Collected And Published … By E.M. 1st ed. Trübner & Co.: London.
- Wickremasinghe, D., 1912. Epigraphia Zeylanica Being Lithic And Other Inscriptions Of Ceylon (Vol 1). 1st ed. London: H. Milford.
- චන්දිම අඹන්වල, 2016. දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය . [online] ශ්‍රි ලංකා පුරාවිද්‍යාව – Sri Lanka Archaeology. Available at: https://sinhala.archaeology.lk/දැයට-අහිමි-කළ-පළමු-වැනි-ගජ/ [Accessed 10 January 2021].
- දයාරත්න ඇඹෝගම, 2017. ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ. [online] Lankadeepa.lk. Available at: <http://www.lankadeepa.lk/main_picture/ථූපාරාමය-ගැන-සඳහන්-පැරණිම-සෙල්-ලිපිය-අනතුරේ/11-517565> [Accessed 10 January 2021].
සම්බන්ධ වෙනත් පිටු
පාළුමැකිච්චාව සෙල් ලිපිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පාළුමැකිච්චාව සෙල් ලිපිය දිශාවන්
අනුරාධපුර සිට පාළුමැකිච්චාව සෙල් ලිපිය දක්වා |
හරහා : මිහින්තලේ මුළු දුර : කිලෝමීටර් 24 ගතවන කාලය :විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (5) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (26) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (13) ස්මාරක (4) සුසාන භූමි (5)
Kingdom of Anuradhapura (1) z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (40) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (9) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (6) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (2) පුත්තලම දිස්ත්‍රික්කය (5) පෘතුගීසි බලකොටු (2) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (2) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)