යටිකඳුර බෝගොඩ පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.00 out of 5)
යටිකඳුර බෝගොඩ පුරාණ ටැම්පිට විහාරය - Yatikandura Bogoda Purana Tampita Viharaya
යටිකඳුර බෝගොඩ පුරාණ ටැම්පිට විහාරය – Yatikandura Bogoda Purana Tampita Viharaya

බෝගොඩ ටැම්පිට විහාරය පිහිටා ඇත්තේ කුරුණෑගල සහ වාරියපොළ අතර නටබුන් වූ බෝගොඩ වැවට යාබදව, කුරුණෑගල නගරයට කි.මී. 13.5 ක් දුරකිනි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

[Google Ad 01 -EN]

බෝගොඩ ටැම්පිට විහාරය සෙන්ටිමීටර 84ක් උස් වූ ගල් කුළුණු 12ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු බරාඳයක් දිව යයි. මෙය ඉදිරියෙන් මීටර 1.25ක්ද දෙපසින් සෙන්ටිමීටර 36ක්ද පිටුපසින් සෙන්ටිමීටර 42ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3.38×2.57 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 5.08×3.43 කි. මෙහි දැව වේදිකාවෙන් නැඟී ඇති ලී කණු 21 ක් වහලයට ආධාර කරයි. මෙම ටැම්පිට විහාරය ඉදිරිපිට උස් වහලවූ මණ්ඩපයක් ඉදිකර ඇත. විහාරයට පිවිසීම මෙම මණ්ඩපය හරහා ය.

දැව තරප්පු පඩි කිහිපයක් මෙහි බරාඳයේ ඉදිරිපස කොටසට ඇතුල් විය හැක. බරාඳය අලංකාර ලෙස කැටයම් කරන ලද දැව කණු 21කින් වටවී ඇත. ඇතුළත කණු පෙළ සියුම් ලෙස කැටයම් කළ ලී කුළුණු හිස් භාවිතයෙන් අලංකාර කොට ඇත. සාමාන්‍යයෙන් කුළුණු හිස් අලංකාර කරන්නේ මල් කැටයම් වලිනි. නමුත් මෙම ටැම්පිට විහාරයේ කුළුණු හිස් මිනිස් හිස් පහළට මුහුණ ලාන ලෙස කැටයම් කොට ඇත.

ටැම්පිට විහාරයේ අභ්‍යන්තර කුටියට පිවිසීම විශාල ලී දොර උළුවස්සක්හ හරහා ය. මෙම සම්පූර්ණ උලුවස්සම මල් මෝස්තර, ලියවැල් මෝස්‌තර සහ පළාපෙති මෝස්තර වලින් කැටයම් කර ඇත. දොරටුව දෙපස කඩුවක් අතින් ගත් දොරටුපාල පිළිම දෙකකි.

ප්‍රධාන හිඳි බුද්ධ ප්‍රතිමාව ඇත්තේ දොරට මුහුණලා ය. පිළිමය ඇති වටා අශ්ව ලාඩම් හැඩැති ගිණිදැල් මෝස්තරයෙන් පින්තාරු කොට ඇති රශ්මි මාලාව සාමාන්‍යයෙන් නුවර යුගයේ විහාරහි සුලබය. සූර්යයාගේ හා චන්ද්‍රයාගේ සිතුවම් දෙකක් බිත්තිය දෙපස මුදුනේ දක්නට ලැබේ. විෂ්ණු (උපලුවන්) සහ සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමා දෙකක් ඊට පහළින් දක්නට ලැබේ. ප්‍රධාන පිළිමය අසල පැති බිත්තියන්හි හිටි බුද්ධ ප්‍රතිමා දක්නට ලැබේ. මෙම ප්‍රතිමා දෙකෙහිද හිසේ සිට දෙපතුල දක්වා ඇතුලත් වන සේ අශ්ව ලාඩම් හැඩැති රශ්මි මාලා පින්තාරු කොට ඇත . මීට අමතරව අනුග්‍රාහක යැයි සැලකිය හැකි රජෙකුගේ සිතුවමක්ද දැකිය හැකිය. ඉතිරි බිත්ති මල් සැරසිලි සහ භික්ෂූ සිතුවම් වලින් ආවරණය කොට ඇත.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

බෝගොඩ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

බෝගොඩ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

කුරුණෑගල සිට බෝගොඩ ටැම්පිට විහාරය දක්වා
හරහා :ඉබ්බාගමුව
මුළු දුර : කිලෝමීටර් 13.5
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply