හේවාඉන්න ඇල්ල

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (10 votes, average: 2.60 out of 5)
උස :මීටර ~3.5
දිස්ත්‍රික්කය :කොළඹ

හේවායින්න පැරණි සීතාවක රාජධානියේ අලංකාර ගම්මානයකි. පුරාවෘත්තයනට අනුව, කෝට්ටේ රාජධානිය මේ වන විටත් අල්ලාගෙන සිටි පෘතුගීසීන්ට එරෙහිව සටන් කිරීම සඳහා සිය හමුදාව (හේවායන්) එක්රැස් කිරීමට සීතාවක රාජසිංහ රජු (1581 – 1592) විසින් මෙම ගම්මානය භාවිතා කර ඇත.

මෙම ගමේ ඉතාමත් සිත්ගන්නා කරුණක් නම් පැරණි සැඟවුනු භූගත උමං මාර්ගයි. පුරාවෘත්තයට අනුව මෙම උමං මාර්ග ඉදිකර ඇත්තේ සීතාවක රාජධානිය සම්බන්ධ කරමින් රාජසිංහ රජුගේ හමුදාවන් විසිනි. මෙම උමං මාර්ග භාවිතා කර තිබුනේ රහසිගතව හමුදාව එක්රැස් කිරීමට සහ සීතාවක රාජධානිය ආරක්ෂා කිරීමටය. මෙම උමං මුද්‍රා තැබූ බව පැවසෙන නමුත් වසර කිහිපයකට පෙර මෙම උමං ඔස්සේ ගමන් කළ ගම්වාසීන් හත් දෙනෙකු ගමන් කොට ඇත. උමං මාර්ගය ඔස්සේ ටික දුරක් ගමන් කරද්දී පහන් ආලෝ්කයක් දැක ඇත. ඔවුන් තවත් ඉදිරියට යාමේදී දැවැන්ත නාගයකු හමු වී තිබේ. පසුව ඔවුන් නැවත ගමට පැමිණ තිබේ. ඒ බව ඔවුන් ගම්වාසීන් සමඟ ප්‍රකාශ කර ඇත. ඒ බව ප්‍රකාශ කළ 7 දෙනාගෙන් 6 දෙනකුම දවස් හතෙන් හතට මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. කිසිවක් හෙළි නොකළ ගවේෂණ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් දිවි ගලවාගෙන ඇත.

⚙️ [Google Ad 01 -EN]

ගමේ සමහර තරුණයින් කිහිප දෙනෙකු උමං දොරටුවකින් බැස ගිය බව පුවත්පතක් ළඟකදී වාර්තා කළේය. ඔවුන්ට අනුව උමඟ අඩි 10 ක් පමණ උස් වූ අතර එය දිශාවන් කිහිපයකට බෙදී යයි.

හේවායින්න ගම්මානයට යන මාර්ගය ලබුගම – පුවක්පිටිය මාර්ගයේ පිහිටා ඇත. මෙම මාර්ගයේ මීටර් 500 ක් පමණ දුරින් ජනප්‍රිය කුමාරි ඇල්ල පිහිටා ඇත. එම මාර්ගය ඔස්සේ තවත් මීටර් 250 ක් ගමන් කළ විට පුළුල් නමුත් කුඩා දිය ඇල්ලක් වන හේවායින්න ඇල්ල වෙත පැමිණිය හැකිය. ඇල්ල ගඟේ මුළු දිගේම ඒකාකාරව පැතිරී පියවර 2 කින් පහත වැටේ. පළමුවැන්න උස මීටර 1 1/2 ක් පමණ වන අතර දෙවැන්න උස මීටර 2 ක් පමණ වේ. ගඟේ නොගැඹුරු ස්වභාවය හේතුවෙන් මෙය දිය නෑමට කදිම ස්ථානයකි.

සම්බන්ධ වෙනත් පිටු

හේවාඉන්න ඇල්ල සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හේවාඉන්න ඇල්ල ගමන් මාර්ගය

කොළඹ සිට හේවාඉන්න ඇල්ල දක්වා – මාර්ගය I කොළඹ සිට හේවාඉන්න ඇල්ල දක්වා – මාර්ගය II
හරහා : බත්තරමුල්ල – කොට්ටාව – හෝමාගම – පුවක්පිටිය
මුළු දුර : කිලෝමීටර් 50
ගතවන කාලය :පැය 1.5-2
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : හයිලෙවල් පාර – හංවැල්ල- පුවක්පිටිය
මුළු දුර : කිලෝමීටර් 62
ගතවන කාලය :පැය 1.5-2
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply