නක්කාවත්ත ශ්‍රී සුදර්ශනාරාමය පුරාණ ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 3.00 out of 5)

නක්කාවත්ත යනු කුරුණගල දිස්ත්‍රික්කයේ කුලියපිටිය සහ නාරම්මල අතර පිහිටි ගම්මානයකි. මෙම විහාරස්ථානයට ළඟාවීම සඳහා කුලියපිටියේ සිට නාරම්මල දෙසට මීටර් 11 ක් හෝ නාරම්මල සිට කි.මී. 9.5 ක් ගමන් කළ යුතුය. ඉන්පසු අතුරු මාර්හයක කිලෝමීටර 1 ක් පමණ ගමන් කිරීමෙන් විහාරයට ළඟා විය හැකිය.

මෙම විහාරස්ථානය අවම වශයෙන් මනනුවර යුගය දක්වා දිවයනබව එහි ඇති ටැම්පිට විහාරය කියාපායි. ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

⚙️ [Google Ad 01 -EN]

නක්කාවත්ත ටැම්පිට විහාරය ගල් කුළුණු 10 ක් මත ඉදිකර ඇති අතර එහි සාමාන්‍ය උස සෙන්ටිමීටර 61 කි. මෙම විහාරය ප්‍රමාණයෙන්මෙ කුඩා වූවද සෙන්ටිමීටර 46ක් පළල පටු ප්‍රදක්ෂිණා පථයක් පිළිමගෙය වටා තිබේ. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 3.35 ක් සහ පළල මීටර් 2.44 කි. සම්පූර්ණ ගොඩනැගිල්ල මීටර් 6.20 ක් දිග සහ මීටර් 4.50 පළල වේ.

විහාරයට ඇතුළුවීම සඳහා කළුගලකින් නෙළු පඩි 4ක් යුත් සෝපානයකි. 2 වන පියවර සඳකඩ පහණක් ලෙස කැටයම් කර ඇති අතර මෙහි කැටයම් දැන් බොහෝ දුරට මැකී ගොස් ඇත. මෙම ටැම්පිට විහාරය 1967 මැයි 19 වන දින ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

නක්කාවත්ත ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

නක්කාවත්ත ටැම්පිට විහාරය දිශාවන්

කොළඹ සිට නක්කාවත්ත ටැම්පිට විහාරය දිශාවන්
හරහා :කටුනායක – මිනුවන්ගොඩ – ගිරිඋල්ල – දඹදෙණිය
මුළු දුර : කිලෝමීටර් 86
ගතවන කාලය : පැය 1 විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)