
Photo Source : Sampath Nanediri
මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා. ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.
ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.
මහනුවර රාජධානි කාලයට අයත් මෙම කුඩා අම්බලම පිහිටා තිබෙන්නේ හඟුරන්කෙත උදළුමඩ ගම්මානයේය. මෙහි ගම්වැසියන්ගේ ප්‍රධාන කර්මාන්තය වන්නේ ගොවිතැනයි. දැන් මෙම අම්බලම ගොවීන්ගේ ගිමන් හලක් ලෙස භාවිතා කරනවා.
විශාල තුරු සෙවනක් යට සිසිල් ජල පහරක් අසලින් සාදා ඇති මෙම අම්බලම හතරැස් ලෙස සැලසුම් කොට තිබෙනවා. කුට්ටි කල කළුගල් යෙදූ කණු හතරක් මත වහලය රඳවා තිබෙනවා. සතර වටේ සදා ඇති කෙටි බිත්තිය හිඳ ගැනීමට හැකිවන අයුරින් නිර්මාණය කොට ඇති බව පෙනෙනවා.
පහත ගූගල් සිතියමේ දක්වා ඇත්තේ උදළුමඩ ප්‍රදේශය පමණක් බව සලකන්න.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
හඟුරන්කෙත උදළුමඩ අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
හඟුරන්කෙත උදළුමඩ අම්බලම දිශාවන්
මහනුවර සිට උදළුමඩ අම්බලම |
හරහා :අම්පිටිය – හඟුරන්කෙත – රිකිල්ලගස්කඩ මුළු දුර : කිලෝමීටර 39 ගතවන කාලය : පැය 1.15 ගතකල යුතු කාලය : විනාඩි 15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |