කිරිමැටියාව ඇඹුල්ගිරි ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 3.50 out of 5)

කිරිමැටියාව පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටිය සහ පඬුවස්නුවර අතර ය. කිරිමැටියාවට මාදම්පේ සිට දුර කිලෝමීටර 40කි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

කිරිමැටියාව ඇඹුල්ගිරි ටැම්පිට විහාරය මීටර් 1.14 ක් උස ගල් කණු 12 ක් මත පිහිටුවා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු කොරිඩෝවක් දිව යයි. කොරිඩෝව වටා අඩක් උස ගරාදි වැටක් ඉදිකර ඇත. මෙහි ඉදිරිපස පළල සෙන්ටිමීටර 30 ක් සහ පැති හා පසුපස සෙන්ටිමීටර 30.4 ක් පළලය. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 3×2.18 ක් වන අතර ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.32×3.58 කි. දැව වේදිකාවෙන් ඉහළට නැගෙන ලී කණු 12 ක් වහලය ටැම්පිට විහාරය රඳවා තබා ගනී. කණු මත කැටයම් සරල ය. එසේ නමුත් මෙම කුළුණු කුළුණු හිස් වලින් සරසා ඇත. කුළුණු හිසෙහි සෑම පැත්තක් ම මලක ස්වරූපයෙන් කැටයම් කර ඇත. විහාරයේ වහලය මඩොල් කුරුපාවක් භාවිතයෙන් බාල්කවල බර සමතුලිත කොට ඇත. නෙළුම් මෝස්තරයකින් කැටයම් කරන ලද ‘කැණිමඩල’ ද්විත්වයක් මඩොල් කුරුපාව දෙකොනේ දැකිය හැකිය. කැණිමඩල මුදුනේ මැටි කොත් දෙකක් භාවිතයෙන් කැණිමඩල ජලයෙන් ආරක්ෂා කොට ඇත.

[Google Ad 01 -EN]

ටැම්පිට විහාරයේ ප්‍රධාන දොරටුවට සම්බන්ධ කොට ඉදිරියෙන් මණ්ඩපයක් ඉදිකර ඇත. විහාරයට පිවිසුම ඇත්තේ මෙම මණ්ඩපය හරහා ය.

මෙහි දොරටු උළුවස්ස සරල පළා මෝස්තරයකින් කැටයම් කොට ඇත. මේ දෙපස දොරටුපාල රූප දෙකක් අසල බිත්තියේ පින්තාරු කර ඇත. ප්‍රධාන හිඳි පිළිමය මුහුණ ලා සිටියි. මුළු පිළිමය වටා අශ්ව ලාඩම් හැඩති ගිනි සිළු මෝස්තරයෙන් වර්ණාලේප කර ඇති ප්‍රභා මණ්ඩලය හා සිරස්පත මහනුවර යුගයේ නිර්මාණ හා සම වේ. එසේ නමුත් මෙම ප්‍රතිමාවේ සිරස්පත සාමාන්‍යයෙන් පවතින හැඩයන්ට වඩා වෙනස් ත්‍රිමාන ස්වරූපයක් ගනී. බුදු පිළිමය අසල සැරියුත් සහ මුගලන් තෙරුන්ගේ ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ. අභය මුද්‍රාවෙන් සිටින හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් පැති බිත්තිවල දක්නට ලැබේ. මෙම පිළිම ගෙය තුල ශිව, විෂ්ණු, ඉන්ද්‍රා සහ බ්‍රහ්ම දෙවිවරුන් 4 දෙනෙකුගේ ප්‍රතිමා දැක ගැනීමට ලැබීම විශේෂ කරුණකි.

ගූගල් සිතියමේ පහත සලකුණු කර ඇත්තේ ආසන්න ස්ථානයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කිරිමැටියාව ඇඹුල්ගිරි ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කිරිමැටියාව ඇඹුල්ගිරි ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

මාදම්පේ සිට කිරිමැටියාව දක්වා
හරහා :දුම්මලසූරිය – කුලියාපිටිය
මුළු දුර : කිලෝමීටර් 41
ගතවන කාලය : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply