
Photo by : U_Edg3
පල්ලේගම තිබෙන්නේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. පල්ලේගම තලාව කුඹුරුයායට යාබදව පල්ලේගම අම්බලම පිහිටා තිබෙනවා. අක්කර හැටකට වැඩි මෙම සශ්‍රික කෙත්යාය පුරාණ රජ කාලයේ සිට කන්න 2ක් වගා කලත් අද ජලය නොමැති කමින් මේ කෙත්යායන් පුරන් වෙලා තිබෙනවා.
මෙම අම්බලමට ලඟා වීමට මහනුවර ගැටඹේ සිට කටුගස්තොට මාර්ගයේ කිලෝමීටර 4ක්ගො ගොස් ජයන්ති මාවතට හැරී ඒ මාර්ගයේ කිලෝමීටර 1.2ක් ගමන් කර පල්ලේගම තලාව කුඹුරුයායට ඇති පාරේ යා යුතුයි.
මේ ගමන යනවානම් පල්ලේගම අම්බලම පසු කොට කුඹුරුයාය මැද තිබෙන සෙල්ලාවලි රජමහා විහාරයටත් ගොඩවෙන්න අමතක කරන්න එපා. මෙයට වෙලමැද පන්සල කියාද හඳුන්වනවා. මනරම් පරිසරයක තිබෙන මේ විහාරයේ මහනුවර යුගයේ ඉතා අනර්ඝ පිළිම ගෙයක් දැකගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින්නේ ප්‍රතිමාතලයක් මත සෑදු බුදු පිළිමයක් හා ඒ වටා ඇති රැස් මාලාවක්. නමුත් මෙහි ප්‍රතිමාතලය වෙනුවට ඇත්තේ නාගදරණයක් හා රැස් මාලාවක් වෙනුවට නාග පෙනයයි. මීට අමතරව මෙම විහාරගෙය මහනුවර අවධියේ කලාගාරයක් බඳු වෙනවා.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
හල්ලොලුව පල්ලේගම අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
හල්ලොලුව පල්ලේගම අම්බලම රියදුරු දිශාවන්
| ගැටඹේ සිට පල්ලේගම අම්බලම දක්වා |
|---|
| හරහා : කටුගස්තොට පාර මුළු දුර :කිලෝමීටර 5.3 ගතවන කාලය : විනාඩි 25 ගතකල යුතු කාලය : විනාඩි 10-15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

