ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.33 out of 5)
ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව Pigeons Nest on Delft Island
ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව Pigeons Nest on Delft Island

යාපනය අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටා ඇති මෙම දූපත පෘතුගීසි ඉල්හා දස් වකාස් ලෙස හැඳින්වූ අතර ඔවුන් විසින් ඉදිකරන ලද බලකොටුවක නටබුන් හමුවේ. ලන්දේසීන් එය ඩෙල්ෆ් දූපත ලෙස හැඳින්වූහ. දෙමළ ජාතිකයන් එය හඳුන්වන්නේ නැදුන්තීවූ ලෙසය. මෙය උතුරු ශ්‍රී ලංකාවේ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි විශාලතම දූපතයි. අක්කර 11,500ක ප්‍රමාණයෙන් වූ ඩෙල්ෆ් දූපත සෙවන අඩු ශුෂ්ක වූ දූපතකි. මෙහි බහුලව දක්නට ලැබෙන්නේ තල් ගසයි. තල් රා පෙරීම ඩෙල්ෆ්ට්හි ප්‍රධාන ජීවනෝපාය වේ.

ඩෙල්ෆ්ට්‌ ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාලය යාබද භූමියේ දක්තට ඇති නටබුන්‌ අතර සුවිශේෂිත පරෙවි කූඩුව හමුවේ. එවකට ඩෙල්ෆ්ට්‌ දුපතෙහි වාසය කළ ලන්දේසීන්‌ විසින්‌ ඩෙල්ෆ්ට්‌ හා අනෙකුත්‌ දූපත්‌ අතර පණිවිඩ හුවමාරු කිරීම සඳහා පරවියන්‌ යොදා ගත්‌ බව පැරණි මූලාශ්‍රවල සඳහන්‌ වේ. ඩෙල්ෆ් දුපතේ වාසය කරනලද පරවියන් සඳහා මෙම එක්ටැම් කූඩුව අවශ්‍ය විටකදී ගිමන්‌ හැරීම සඳහාත්‌ ඔවුන්ට වාසය කිරීම්‌ සඳහාත් ලන්දේසීන්‌ විසින් මෙම කූඩුව නිර්මාණය කර ඇත. මෙම පරවි කූඩුව හිරි ගලින් නෙලා තිබේ. හතරැස්‌ පාදමක්‌ මත ඉදිකර ඇති මෙගි එක්‌ පැත්තක දිග මීටර 1.65 කි. සිව් පැත්තේම කූඩා කුහර සාදා ඇති අතර, එක්‌ පැත්තකට කුහර 15 කි. සිව්‌ කොනෙහි කුහර 5 බැගින්‌ වන අතර මුළු කුහර ප්‍රමාණය 80 කි. නිරුජද්‍රතව ඇති මෙම පරවි කූඩුවේ සම්පූර්ණ උස මීටර 4 ක්‌ පමණ වේ.

⚙️ [Google Ad 01 -EN]

යාපනයේ ඩෙල්ෆ්ට් ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක ජේ/4, ඩෙල්ෆ්ට් මධ්‍යම ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ගුරු නගර්-බටහිර ග්‍රාමයේ ඇති පරෙවි කූඩුව සහිත ගොඩනැගිල්ල සහ ඒ ආශ්‍රිත ගොඩනැගිලි නටඹුන් 2011 දෙසැම්බර් 30 වන දින ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.

ආශ්‍රිත

  • Lewis, J., 1909. NOTES ON DELFT. The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland, 21(62), pp.341-360.
  • Bassett, R., 1929. Romantic Ceylon: Its History, Legend and Story. 1st ed. London: Cecil Palmer.
  • 2011. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රය 2011.12.30. Colombo: ශ‍්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, p.1039.
  • කෝරළගේ, එස්. බී. and කල්ප අසංක, එම්. වී. ජී. , 2017. යාපනය දිස්ත්‍රික්කය. 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, p.91.

සම්බන්ධ වෙනත් පිටු

ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාපනයට ගමන් මාර්ගය (ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව)

කොළඹ සිට යාපනයට (මාර්ග 1)කොළඹ සිට යාපනයට (මාර්ග 2)
හරහා : කුරුණෑගල -දඹුල්ල – අනුරාධපුර – වවුනියාව
මුළු දුර :කිලෝමීටර 400
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : පුත්තලම  – සීලාවතුර – පූනරීන්
මුළු දුර: කිලෝමීටර 365
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න 
යාපනය සිට ඩෙල්ෆ් දුපතේ ඩෙල්ෆ් දුපතේ පරෙවි කූඩුව දක්වා
මුළු දුර :කිලෝමීටර 32
ගතවන කාලය  : බෝට්ටු ගමන සමග (පැය 2 -3 අතර)
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න (කුරිකඩ්ඩුවාන් ජැටියට)
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)