විල්පත්තුව තුල සැඟවුණු වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.00 out of 5)
Loading...
Veli Vehera Archeology site hidden inside Wilpattu National Park  - විලපත්තුව තුල සැඟවුණු වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය
Veli Vehera Archeology site hidden inside Wilpattu National Park – විලපත්තුව තුල සැඟවුණු වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය

විල්පත්තු ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වන අතර මෙය ලංකාවේ පුරාණ අගනුවර වන අනුරාධපුරයට, මන්නාරම පැරණි මුතු ධීවර වරායට මෙන්ම ක්‍රි.පූ 523 දී විජය කුමරුගේ ගොඩබැසි තම්ම්බපන්නියට ආසන්නව පැවතීම නිසා මෙම වන ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථානයන්ගෙන් ඝහනව ඇත. පොම්පරිප්පු ආදිමානව සුසාන භූමිය වැනි ප්‍රාග්ඓතිහාසික යුගයේද, ක්‍රිස්තු පුර්ව යුගයේ සිට පැවතෙන ජනාවාස, මාළිගා සහ බෞද්ධ විහාරස්ථානද මෙම භූමියේ ව්‍යාප්තව පවතී. වසර . 2006 දී  ලෝක සංරක්ෂණ සංගමය (IUCN) විසින් විල්පත්තුහි සම්පත් ලේඛනයක් නිර්මාණය කොට ඇත. මෙම වාර්තාව මගින් පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථාන 68 ක්, පොසිල අඩවි 4 ක්, ප්‍රාග් ඓතිහාසික ස්ථාන 12 ක්, මූල ඓතිහාසික ස්ථාන 42 ක් සහ පැරණි වැව් 87 ක් මෙම ප්‍රදේශය තුළ ලේඛන ගත කොට ඇත.

මහාවංශය සුබ රජු (59-65) ඉදි කල විහාරයන් 3 ක් සඳහන් කරයි. ඉන් එකක් උරුවෙල් අසබඩ වල්ලි වෙහෙර (XXXV:58) බව සඳහන් වේ. තවද නගරයේ (අනුරාධපුර) සිට පස් යොදුනක් දුරින් පිහිටි උරුවෙල් පටුනෙහි මහා ඇඹුලුපල පමණ වූ මුතුපල අතරතුර පබළු සමගින් මුහුදින් ගොඩ නැංවූ අතර මුහුදුබඩ වැසි කෙවුලෝ ඒ දැක පබළු සහ මුතු එකතුකොට ගෙන තලියකින් ගෙනවුත් මහරජුට (දුටුගැමුණු) දැක්වූ බව මහාවංශය (XXVIII:36-37) මහා ස්තූපය (රුවන්වැලි සෑය) සඳහා පහලවූ සම්පත් විස්තරයේදී දක්වයි. විජය රජුගේ (ක්‍රි.පූ. 500) අමාත්‍යවරයකු විසින් ආරම්භ කරන ලද උරුවෙල මුතු කිමිදන්ගේ වරායක් ලෙස ද ක්‍රියා කර ඇත. එබැවින් සැඟවුණු උරුවෙල නගරය විල්පට්ටු වනාන්තර තුළ තිබීමට ප්‍රබල හැකියාවක් ඇත. බ්‍රොහියර් “Seeing Ceylon” කෘතියෙහි පවසන්නේ “පැරණි නගරය පොම්පරිප්පු වලට ලඟින් කලා ඔයේ ඩෙල්ටාව අසල කොතැනක හෝ තිබිය තිබිය යුතු” බවයි.

මහාචාර්ය පරණවිතාණ 1956 දී පොම්පරිප්පු ආදී මානව සුසාන භූමිය කැණීම ආරම්භ කළ විට, සුසාන භූමියට සැතපුමක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි නිධන් හොරුන් විසින් විනාශ කරන ලද නටබුන් සහිත ස්ථූපයක් පිළිබඳව ද ඔවුන් අවධානය යොමු කළහ. මෙහි මුල් කාලයේ කාසි කිහිපයක්, පුරාණ රිදී (මැද හිලක් සහිත) කාසියක් සහ කේෂර නොමැති සිංහයෙකු කෙටු තඹ කැබලි දෙකක් සහ දිරාපත් වූ රෝම කාසියක් සොයා ගන්නා ලදී. මීට අමතරව, තවත් බ්‍රාහ්මී අක්ෂර නොවන කක භාෂාවෙන් ඇතැයි විශ්වාස කෙරෙන සෙල්ලිපියක් සොයා ගන්නා ලදී (විතාන, 1987). නමුත් මෙහි වැදගත්ම සොයාගැනීම වූයේ ස්තූප මළුව ඉදිකිරීම සඳහා භාවිතා කළ 8 වන සියවසට අයත් ශෛලමය එලකයක විහාර පරිත්‍යාගය සඳහන් වූ සෙල්ලිපිය සොයා ගැනීමයි. මෙම සෙල්ලිපියේ මෙම විහාරය ‘වල්ලි-විහාරේ’ යන නමින් සඳහන් කර ඇති අතර, පැරණි උරුවෙල නගරය පොම්පරිප්පු අවට පිහිටා ඇති බව අදහස තවදුරටත් ශක්තිමත් කරයි.

1970 දශකයේ දී මෙම ස්ථානයේ තවදුරටත් කැණීම් හා සංරක්ෂණ සිදු කර ඇත. මෙම කැණීම් වලදී බුද්ධ ප්‍රතිමාවක් සොයාගෙන ඇති අතර එය මීට පෙර සොයාගත් කක සෙල්ලිපියේ සඳහන් ප්‍රතිමාව යැයි විශ්වාස කෙරේ. 1979 සඳහා පුරාවිද්‍යා කොමසාරිස්ගේ වාර්තාවේ මෙහි වැඩ කටයුතු කරගෙන යන බවත් පුත්තලම්-මරිච්චිකට්ටි පාරේ 21 වන සැතපුම් කණුව අසල සිට කිලෝමීටර් 2.5 ක ජීප් රථ මාර්ගයක් මෙම පුරාවිද්‍යා ස්ථානය වෙත කපා ඇති බවත් කාර්ය මණ්ඩලය මෙම අලි ගහන මාර්ගයේ උදේ හා සවස දෛනිකව පයින් ගමන් කරන බවත් දැක්වේ.

කිසිදු මාර්ග පහසුකමක් නොමැතිව වන මැද මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇති බැවින් මෙම භූමියේ තොරතුරු හෝ ඡායාරූප ඉතා අල්පය. මීට වසර කිහිපයකට පෙර කිත්සිරි ගුණවර්ධන මහතා විසින් ගන්නා ලද www.wilpttu.com හි පළ කරන ලද ඡායාරූප පෙළක් පහත දැක්වේ.

References

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration report of the archaeological commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.17-19.
  • 2010. සිංහල මහාවංශය. 1st ed. Colombo: Buddhist Cultural Center.
  • Mahānāma, Bode, M. and Geiger, W., 1912. The Mahavamsa or the great chronicle of Ceylon. 1st ed. London: Henry Frowde, Oxford University Press, p.250.
  • Weeratunga, V., 2009. Wilpattu – Villus and beyond. 1st ed. Colombo: IUCN Sri Lanka Country Office.
  • Brohier, R., 1982. Discovering Ceylon. 2nd ed. Colombo, Sri Lanka: Lake House Investments.
  • IUCN, 2006. Resource Inventory of Wilpattu National Park : Final Report. Colombo: The World Conservation Union (IUCN) Sri Lanka.
  • W.L.D.P.T.S. de A. Goonatilake, 2006. Archaeologically important sites in Vilpattu National Park: present status and new findings. National Archaeological Symposium 2006: Papers submitted to the National Archaeological symposium. IUCN Sri Lanka.
  • IUCN, 2011. Biodiversity and Socio-economic Information of Selected Areas of Sri Lankan Side of the Gulf of Mannar : Final Report. Report submitted by IUCN Sri Lanka Country Office to BOBLME Project Component 2.4 Collaborative Critical Habitat Management: Gulf of Mannar. Colombo: FAO (Food and Agriculture Organization) and IUCN (International Union for Conservation of Nature) Sri Lanka Country Office.

සම්බන්ධ වෙනත් පිටු

වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලි වෙහෙර පුරාවිද්‍යා භූමිය ගමන් මාර්ගය

කොළඹ සිට පොම්පරිප්පු දක්වා
හරහා : කටුනායක – මීගමුව – පුත්තලම – එළුවන්කුලම
මුළු දුර : කිලෝමීටර් 167
ගතවන කාලය : පැය 3.5-4 අතර
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)