ගම්පොල ලැගුම්දෙනිය රොබර්ට් නොක්ස් ස්මාරකය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...
Robert Knox memorial at Lagundeniya - ගම්පොල ලැගුම්දෙනිය රොබර්ට් නොක්ස් ස්මාරකය
Robert Knox memorial at Lagundeniya – ගම්පොල ලැගුම්දෙනිය රොබර්ට් නොක්ස් ස්මාරකය

රොබට් නොක්ස් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියානු සමාගමේ සේවයේ යෙදී සිටි ඉංග්‍රීසි මුහුදු කපිතාන්වරයෙකි. ඔහු 1659 දී මහනුවර රාජධානියේ පාලකයා වූ දෙවන රාජසිංහ රජු විසින් සිරකරුවන් ලෙස රඳවා ගන්නා ලදී. ඔහු සහ තවත් නැවියන් 15 දෙනෙකු මහනුවර රාජධානියේ සිරකරුවන් ලෙස වසර 19 ක් රඳවාගෙන සිටි අතර නොක්ස් අවසානයේ 1680 දී නැවත එංගලන්තයට පලා ගියේය. කෙසේ වෙතත් ඔහු සාමාන්‍ය අර්ථයෙන් සිරකරුවෙකු නොවූ අතර ඔහුට විවිධ ස්ථානවල ඉඩම් සහ නිවාස හා ආහාර රාජ නියෝගයෙන් සපයන ලදී. මීට අමතරව රාජධානිය තුල ගමන් කිරීමට යම් නිදහසක් තිබු අතර ඔහුට සාමාන්‍ය පුරවැසියාට වඩා වැඩි ගෞරවයක් ලැබිණි.

නොක්ස් විසින් එංගලන්තයට ආපසු යන ගමනේදී ලංකාව පිළිබඳ ඔහුගේ අත්දැකීම් පිළිබඳ විස්තරයක් ලියා 1681 දී “n Historical Relation of the Island Ceylon,” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙය එකල පුළුල් උනන්දුවක් ඇති කළ අතර නොක්ස් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් විය. මේ ග්‍රන්ථය ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් කෲසෝ නවකතාවට පාදම් වූ අතර රාජකීය සංගමයේ රොබට් හූක් සමඟද මිත්‍රත්වයක් ඇති කළේය. මෙම ග්‍රන්ථය ලංකාව පිළිබඳ පැරණිතම හා සවිස්තරාත්මක යුරෝපීය වාර්තාවලින් එකක් වන අතර එය අදත් 17 වන සියවසේ ලංකාවේ ජීවිතය පිළිබඳව මිල කළ නොහැකි වාර්තාවක් ලෙස සැලකේ.

නොක්ස් පවසන පරිදි, ඔහු ජීවත් වූ ප්‍රදේශයට ලන්දේසි ආක්‍රමණයකින් පසු ඔහු ලැගුම්දෙනිය වෙත යවන ලදි. නිවාස හතරක් හෝ පහක් ඇති මෙම කඳු මුදුන තමා දුටු ඉතාම නිසරු ස්ථානයක් ලෙස පැහැදිලි කරයි.

මෙම නගරයට පැමිණීමේදී පළමු කොට ම තුළ ඇතිවූ දුක්මුසු බව ඉතා දැඩි විය. මේ දිවයිනේ මට දකින්නට ලැබුණු ඉතාම නිසරු ස්ථානය මෙය බව කිය හැකිය. මෙම සුළු නුවර කඳු මුදුනක පිහිටියේය. අසල පසල සෙසු නගරයක් නොවීය. එම කඳු ප්‍රදේශයෙහි වූයේ ගෙවල් 4ක් හෝ 5ක් පමණි. බොහෝවිට සිංහල රජතුමා හිස ගසා දමනු රිසි වූ අපරාධකාරයන් එවනු ලැබූයේ මෙතනට ය. රජතුමා විශේෂ නියමයෙන් අප මෙතනට එව්වෙ අප බිය වද්දනට වත්දෝ හෝ යි අපට සිතිණි.

මෙම කඳුමුදුනෙහි මට භාර දෙන ලද භූමි භාගය වූ කලී මානා විමානයක් ව පැවති ගස් කිහිපයකින් පමණක් යුක්ත වූ ස්ථානයකි. මානා පඳුරු සමහර ස්ථානවල දණහිස දක්වා ද සමහර ස්ථානවල බඳ මැදක් දක්වාද උස්ව වැවී තිබිණි. මෙම මානා විමානය මැදින් ආ ගිය ගවයින්ගේ කුර ගැටුමින් ඇති වූ පටු මං හැරෙන්නට මිනිසුන් සඳහා වූ මාර්ගයක් මෙම කඳු මුදුනෙහි නොවීය.

එදා හෙළදිව (An Historical Relation of the Island Ceylon සිංහල අනුවාදය)

ලැගුම්දෙනියේ මෙම නිවාසය නොතිබුණද 1908දී නොක්ස් ජීවත් වූ ස්ථානයේ ගලින් කෙටූ සමරු එලකයක් සිටුවා තිබේ. එහි මෙසේ සඳහන් වේ.

HERE LIVED
AD
1667-1670
ROBERT KNOX
JOHN LOVELAND
JOHN BERRY
WILLIAM DAY
ERECTED 1908

මෙම සමරු පලකය තිබෙන්නේ ගම්පොල සිට කිලෝමීටර 12ක් පමණ දුරකිනි.

ආශ්‍රිත

  1. Knox, R., 1681. An historical relation of the island Ceylon, in the East – together with an account of the detaining in captivity the author … and of the author’s miraculous escape. Illustrated with figures and a map of the island. 1st ed. London: Richard Cbifwell.
  2. Karunarathne, D., 2007. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව. 1st ed. Colombo: M. D. Gunasena.

සම්බන්ධ වෙනත් පිටු

ගම්පොල ලැගුම්දෙනිය රොබර්ට් නොක්ස් ස්මාරකය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගම්පොල ලැගුම්දෙනිය රොබර්ට් නොක්ස් ස්මාරකය ගමන් මාර්ගය

ගම්පොල සිට ලැගුම්දෙනිය රොබට් නොක්ස් ස්මාරකය දක්වා මාර්ගය
කෙසේ වෙතත්:
දුර : 13.5 km
ගමන් කාලය: විනාඩි 30 යි
ගත කිරීමට කාලය: විනාඩි 15 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply