මැණික්කඩවර බලකොටුව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 3.25 out of 5)
Loading...

ඓතිහාසික වාර්තාවන්ට අනුව මැණික්කඩවර නුවර ඉදිකර ඇත්තේ ධර්ම පරාක්‍රමබාහු IX (1489-1513) කාලය තුළ ඔහුගේ සහෝදරයන් වන ශ්‍රී රාජසිංහ සහ විජයබාහු විසින්. පෘතුගීසීන් 1598 දී ප්‍රථම වරට මහනුවර රාජධානියට එරෙහි හමුදා මද්‍යස්ථානයක් ලෙස මැණික්කඩවර භාවිතා කළහ.

මහනුවරට එරෙහිව ප්‍රහාර දියත් කිරීම සඳහා මැණික්කඩවර ඇති යුදමය වැදගත්කම මුලින්ම වටහා ගත්තේ පෘතුගීසි ජෙනරාල් ජෙරනිමෝ ද අසවේදුය. කිලෝමීටර් 2.5 ක විෂ්කම්භයක් සහිත ප්‍රදේශයක් ආවරණය වන පරිදි මනික්කඩවරා දක්වා කඳුකරය හරහා පිවිසෙන සියලු ස්ථාන ඔහු මුලින්ම ආරක්ෂා කරන ලදී. පෘතුගීසි සොල්දාදුවන්ගේ ශ්‍රමය උපයෝගී කරගනිමින් මාස 4 ක් ඇතුළත ඔහු ගල් යොදා ශක්තිමත් බලකොටුවක් ඉදිකර තිබේ. එකල බිඳ භෙළිය නොහැකි එකම බලකොටුව මෙය යැයි කියනු ලැබේ. බලකොටුවට සොල්දාදුවන් 300-400 අතර ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාව තිබූ බවද කියනු ලැබේ.

එච්.සී.පී. බෙල් මහතා 1800 ගණන්වල අග භාගයේ දී මැණික්කඩවර කෙටි ගවේෂණයක් පවත්වා ඇති අතර 1892 දී ඔහුගේ කෑගල්ල දිස්ත්‍රික්කය පිළිබඳ වාර්තාවේ සිය නිරීක්ෂණ ප්‍රකාශයට පත් කර තිබේ.

අලව්ව, පිටගලදෙනිය, බිසෝවෙල, කන්නත්තොට යන කුඩා මුරපොලවල් වලට අමතරව පෘතුගීසි හමුදාවන් සඳහා මහනුවර රාජධානි ප්‍රදේශය තුළ ඇති ප්‍රධාන බලකොටුව මෙය විය. 1598 දී පළමු වරට පළමුවන ජෙනරාල් ජෙරනිමෝ ද අසවේදු මහනුවර රාජධානියේ දොන් ජෝන් විමලධර්මසූරිය (1592 – 1604) රජුට එරෙහි සටනේදී මෙම බලකොටුව භාවිතා කළේය. බෙල් මහතා පෘතුගීසි ඉතිහාසකරු මැනුවෙල් ඩි ෆාරියා ඊ සෞසා ගේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් උපුටා දක්වමින් බෙල් සිය කෑගල්ල වාර්තාවේ පහත දෑ සටහන් කරයි.

අප විසින් විස්තර කොට ඇති සත්කෝරලයේ ජයග්‍රහණ ලබා ගැනීමෙන් හා සතුරන්ගේ දඬුවැට විනාශ කිරීමෙන් අනතුරුව මැණික්කඩවරට යවා එහි ආරක්ෂක කොටුවක් ඉදි කිරීමට ජෙරනිමෝ ද අසවේදු ජනරාල්වරයා තීරණය කළේය. එය කන්ද උඩරට රාජධානියට බෙහෙවින් සමීප වූ හෙයින් එහි සිට එය දිනා ගැනීමට හැකි වනු පිණිසය.  එසේම සතර කෝරලයට  සමීප ආරක්ෂක හමුදා සහිත බලකොටුවක් සේ භාවිතා කළ හැකි වන පරිදි ඒ ආරක්ෂක කොටුවෙහි (දඬුවැට යෙදු ස්ථානයෙහි) යුද්ධායුද ගබඩාවක් හෝ හා හේවා මඩමක් ඉදි කිරීමේ අරමුණින් ද වේ.  එහි රඳවනු ලබන සෙබළුන්ගේ සුරක්ෂිතතාවයට මෙන්ම ආරක්ෂා සංවිධාන කටයුතු වලට ද වඩාත් යහපත් තත්වය ඇති කරවනු පිණිස මේ කොටුපවුර ගලින් බැඳීම ද හේ තීරණය කළේය. ඒ අනුව එම කටයුත්තට අවශ්‍ය පුරෝගාමින් හා කම්කරුවන් විශාල පිරිසක් ද මෙවලන් හා බඩුබාහිරාදිය ද රැස් කළේය. මේ සියල්ල සැල්වදෝර් පෙරෙයිරා ද සිල්වාට බාරකල හෙතෙම විශාල ලස්කිරිඤ්ඤ හමුදාවක් සහ රැස්කොට ගත හැකි වූ පෘතුගීසි සෙබලුන් ද සමග පිටත්ව ගියේය. 1598 වසරේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී මැණික්කඩවර බලකොටුවට දීගයක් පමණ ඉදිරියෙන් කඳවුරු බැඳ එහි ටික දිනක් විසීය. ඔවුන් සම්ප්‍රාප්ත වූ දිනයේම සියල්ල සම්පූර්ණ කරනු පිණිස මේ නැවතීම් කාලයේ දී අපි සඳහා අවශ්‍ය හැම දෙයක්ම එක්රැස් කරන ලද්දේ අපේ හමුදා තමන් විසින්ම ආරක්ෂා සංවිධාන ඇති කර ගැනීමට පූර්වයෙන් හදිසියේ පහර දීමේ සිතක් කෲර පාලකයාට ඇතැයි හේ  සැකකළේය. මේ නිසා ඔහු අමාරුවේ හෙලන ඔහුට හානි වන පරිදි ඔවුන් (පෘතුගීසින් විසින්) රජු අඩස්ස්සි කොට තැබෙන ලෙස කන්ද උඩරට රාජධානියේ කඩවත් වසා දැමීමට ද අදහස් කළේය. අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරන ලද්දේය.  අපගේ ජනයෝ බලකොටුව ඉදි කෙරෙන තැනට ගියහ. එයට සම්ප්‍රාප්ත වූ සැනින්ම ඔවුන් විසින්ම ආරක්ෂා සංවිධාන ඇති කරගැනිණි. පසුදින රාත්‍රියේ එනම් ඔවුන් හදිසියේ පැන අපට පහර දීමට නියම කොට ගත් රාත්‍රිය එළැඹි විට එහි දාරුමය ආරක්ෂක බලකොටුවක් ඉදි වී තිබිණි. අපගේ ජනයෝ එහි සුරක්ෂිතව උන්හ. ඔවුන් සමග  මැදිහත්වීම සතුරා නිර්භීත නොවීමෙන් ඔවුන්ගේ සැලැස්ම ව්‍යාප්ත විය. 

බෙල් මහතාට අනුව, ඉහත සඳහන් කළ පළමු හා විශාල කඳවුර පිහිටා ඇත්තේ මැණික්කඩවර නොව යාබද හොලොම්බුව ගම්මානයේ ය. අඩි 242 ක් පළල සහ අඩි 231 ක් දිග පැතලි මතුපිටක් සහිත විශාල වටකුරු පස් කන්දක් වටා ගඩොල් විසිරී ඇති බව බෙල් වාර්තා කරයි. බෙල් විශ්වාස කරන්නේ මෙය සම්පූර්ණයෙන්ම මැටි ගඩොල් වලින් සාදා ඇති බැවින් සැතපුම් 2 කට වඩා අඩු දුරින් පිහිටි දැදිගම කොට කොට වෙහෙර ස්තූප පෘතුගීසීන්ට ගඩොල් අසීමිත ප්‍රමාණයක් සපයා ඇති බවයි. බලකොටුවේ මධ්‍යයේ අඩි 58 ක් අඩි 45 ක් දිග ගඩොල් ගොඩනැගිල්ලක් කාමරවලට බෙදා ඇත.

මීට සැතපුමක් දුරින් පිහිටි මැණික්කඩවර බලකොටුව වසර කිහිපයක්ක්‍ පසු වනතෙක් ක්‍රියාත්මක නොවන්නට ඇති බව බෙල් පවසයි. මෙය ස්වදේශිකයන් විසින් නියම පරංගි කොටුව නොහොත් “පෘතුගීසි බලකොටුව” ලෙස පෙන්වා දීඇති අතර හොලොම්බුව සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් දන්නේ නැති බව පවසයි.

පෘතුගීසීන් හොලොම්බුව බලකොටුව සඳහා වඩාත් සුපුරුදු මැණික්කඩවර යන නම වඩාත් හොඳින් භාවිතා කර ඇත. මෙය ලන්දේසීන් විසින් තුන්තොට බලකොටුව (Tontotte Fort) ලෙසද හඳුන්වා තිබේ. (බලකොටුවේ ඉහත රූප සටහන බලන්න). ඊ.කේ. හේමතිලක බන්ඩාර සිය පොතේ ඉතිපුර කොලොම්බුව හි සඳහන් කරන්නේ මෙම බලකොටුව ගොඬ නඟා ඇත්තේ ගම්පොළ සිට කැලණිය දක්වා වූ රජ මාවතේ තුංතොට තුම්මෝදර අසලය බවයි. මෙම මාර්ගය ඉදිකර ඇත්තේ දැදිගම සිට ගලා බසින කූඩා ඔය හරහා ගල් පුවරු දමා අශ්වයින්ට පහසුවෙන් ඇළ හරහා යෑමට ඉඩ සලසමිනි. අද ගුරුගොඩ ඔයාබලකොටුවේ වමින් ගලා බසින අතර වටේට කුඹුරු යායකි. ඒම කුඹුරු යාය එදා ජලයෙන්‌ පිරී තිබෙන්නට ඇත. 

බලකොටුවේ දිග හා පළල අඩි 242×231 ක් බව ද ඔහු සඳහන් කරයි. කොටුවේ මධ්‍යයේ අඩි 58 1/2 ක් දිග සහ අඩි 45 ක් පළල ගඩොල් ගොඩනැගිල්ලක් ඇත. මේ සඳහා කාමර 6 ක් තිබූ බව පෙනේ. කොටුවේ බිත්තිය වටා ඇති බිත්තිවල පාදම සමහර ස්ථානවල අඩි 5 ක් පමණ ඉතිරිවී ඇත. මුර කුටියයි සිතිය හැකි ස්ථාන 4 ක්‌ තිබේ. බලකොටුවේ පවුර ගුරුගොඩ ඔයේ සිට අඩි 7 ක් පමණ උසින් පිහිටා ඇත. එය තුන්තොට ඔය සිට අඩි 5-6 ක් දුරින් පිහිටා ඇත. බලකොටුව මැද දෝනාවක්‌ ඇත. තුන්තොට ඔය මධ්‍යයේ ඇති පර්වතයක අඩි 5×5 ප්‍රමාණයේ සිදුරු දෙකක් කපා ඇත. මෙම සිදුරු භාවිතයෙන් සවි කර ඇති ගල් කණු 2ක් මත දැව පාලමක් ඉදිකර ඇති බව පැවසේ. මෙතැන් සිට බලකොටුවේ පවුරට යන මාර්ගය ඔස්සේ විශාල ගල් පුවරු (අඟල් 4-5 ඝනකම, අඩි 9-10 ක් දිග, අඩි 4-5 ක් පළල)තැනින් තැන එළා ඇත. විශාල කාලතුවක්කුවක් ගුරුගොඩ ඔයට පෙරළී තිබේ. වැසි අඩු කාලයට එය මතුවන බව ප්‍රදේශවාසීන්‌ පවසති.

මෙම හොලොම්බුව බලකොටුවේ නිශ්චිත ස්ථානය අද නොදනී. ක්‍රිෂාන් මෙන්ඩිස් මහතා විශ්වාස කරන්නේ තුන්තොට මංසන්ධියේ අද තුන්තොට උප තැපැල් කාර්යාලය පිහිටා ඇති භූමිය එය විය හැකි බවයි.

1598 දී ඉදිකරන ලද මෙම බලකොටුව වසර තිහක ගැටුම් හමුවේ මහනුවර හමුදා අතින් විනාශ වූ බව විශ්වාස කරන අතර 1627 දී ලන්දේසි කොන්ස්ටන්ටයින් ඩි සා විසින් මෙම බලකොටුව නැවත ඉදිකරන ලදි.

මැණික්කඩවර ලංකාවේ පෘතුගීසි ආරක්ෂක සේනා බලකොටුවකට වඩා යුධ පුහුණු පාසලක් බවට පත් විය. වියපත් අණදෙන නිලධාරියෝ මෙය යුද්ධ අතින් සැලකිය යුතු වැදගත්කමක් දරන තැනක් සේ තෝරා ගත්හ. මක්නිසාදයත් අපේ ප්‍රදේශවල හා අපේ හතුරා වූ කන්ද උඩරට රජුගේ ප්‍රදේශ වල දේශසීමාවේ එය පිහිටා තිබීම නිසා ය. පවුරු හෝ බලකොටු හෝ නොමැති එළිමහන් පෙදෙසක ඔහුගේ නෙත් හමුවේ නිරතුරුවම පහරදීම් වලට එරෙහිව හැමවිටම සීරුවෙන් සිටීමට අපේ සොල්දාදුවන්ට බල කෙරිණි. එසේම දේශ සීමාව රකින්න වූ සේ නිරතුරු අවදියෙන් සිටීම ද සිදුවිය. මුරපොලේ පැවති අන්තරාය බැරැක්ක වල පැවති නිදහස ඒ අයුරින්ම පවත්වා ගැනීමට ඔවුන්ට අවසර නොදුන්නේය. මේ නිසා ඔවුන්ගේ වීර්ය නසා දැමූ, නොසතුට ව්‍යාප්ත කල ඔවුන්ගේ කැරලිකාර කලබලවලින් හා වෙනත් උපක්‍රම හේතුවෙන් ඔවුන් රැඳී ප්‍රදේශයට තවදුරටත් කරදර කළ නොහැකි විය …………………………….

කොන්ස්ටන්ටයින් ඩි සා විසුරේ වෙත මෙසේ පිළිතුරු යෑවිය. මඩකලපුවේ බලකොටුවක් ඉදි කිරීමට පූර්වයෙන් අපගේ සේනාංකවල සුපුරුදු නිත්‍ය කඳවුර වූ මැණික්කඩවර මුලින්ම පිහිටුවූ කඳවුරේ බලකොටුවක් සෑදීම වැදගත්ය උඩරට දේශසීමාවට ළංව පිහිටීම නිසා එය ආරක්ෂා කිරීමට උපකාරවත් වනු පමණක් නොව හදිසි පහරදීම් වලට එරෙහිව ආරක්ෂණයක් ද වන්නේ ය. පළමුව පහර දෙන්නට එය විවෘතව තැබිණි මෙය තමන්ට බෙහෙවින් වැදගත් වන මඩකලපුව වරාය පෙදෙසේ අප ආරක්ෂා සංවිධාන කර තර කරන කල්හි කුපිත වන කන්ද උඩරට රජ තෙමේ එවිට යුද්ධ ආරම්භ කිරීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. එයට 9ජනරාල් තැනට) මුදල් (ඔවුන්ගේ සියලුම විසඳුම් වලට බෙහෙවින් අවශ්‍ය) වී ඇත. 1827 වර්ෂයේ දී සිට මේ දක්වා අම්බ්‍රොස් ඩි ප්‍රේයිවාස් ආදායම් පාලක තනතුර දරයි. වියදම් හේතුකොටගෙන මේ කාර්යභාරයෙහි බාධා ඇති කළේ ඔහුය. ඇතැම් අවස්ථාවල එය ප්‍රමාණය ඉක්මවා ගියේය. කෙසේ වෙතත් කොන්ස්ටන්ටයින් ඩි සා උසාවි අද්මිරාල් තැනගේ දැනුම ඇතිව ද ඔහුගේ සොල්දාදුවන්ගේ පක්ෂපාතී භාවයේ හා ධෛර්යය සහාය ද ලැබ (කසාදෝස්?) තුන්දහසකට කට වැඩි කොට කාර්‍යයෙහි උනන්දුව හා පරික්ෂාකාරී බව පෙන්වීමට ප්‍රමුඛයා වෙමින් මැනික්කඩවර බලකොටුව ඉදි කිරීමට ඔහු විසින් පහසු කාලෙන් දින කිහිපයකින් එය නිමාවට පත් විය.

Rebelion de Ceylon, y los progressos de su conquista en el gobierno de C. Saa, y Noroña. (1681)

බලන සිට ලීග පහකින්ද කොළඹ සිට ලීග එකොළහකින්කින්ද ඈතින් සතර කෝරළේ ගම්මාන අතර පිහිටි මැණික්කඩවර නම් වූ ස්ථානයකි. කන්ද උඩරට රජුට එරෙහි වූ ප්‍රධාන කදවුර පිහිට තැන මෙයයි. එහි සිට සත් කෝරළය ද රැක ගන්නා ලද්දේය. පෘතුගීසි සොල්දාදුවන් 350 කින් සමන්විත සේනාංක 12 එහි වූ අතර ඔවුන්ට අණ දෙන ලද්දේ මෝරු ද කැම්පෝ විසිනි. සාජන් මේජර් වරයෙක් ද සහකාර මුලාදෑනීන් දෙදෙනෙක්ද වෙඩි බෙහෙත් ආදිය භාර කපිතාන්වරයෙක් ද ශාන්ත ප්‍රැන්සිස්කානු දේවගැතිවරයෙක් ද එයට අයත් වූහ. ස්වදේශිකයන් අතර වූ පළාතක ජනරාල්වරයා සමඟ සහ සම්බන්ධතා ඇති දිසාවේ කෙනෙක් ද එහි වාසය කරයි. ඔහු යටතේ නිරන්තරයෙන් ක්‍රියාකාරී වූ ලස්කිරිඤ්ඤ භටයෝ තුන් හාර දහසක් ද ඔවුන්ගේ ප්‍රධානීහු ද වූහ. මේ සාමකාමී අවධිවල ය, එහෙත් සංග්‍රාමයක් එළඹි කල්හි හේ වැඩිපුර ජනයා රැගෙන ආවේය.

අප සඳහන් කළ බලමුළු සහිත මේ බලකොටු හැරෙන්නට බලකොටු යන නමින් හැඳින්විය නොහැකියි වැදගත් නොවූ අල්ප වූ මැට්ටෙන් තනන ලද මැණික්කඩවර සබරගමු බෙලිගල හා එබඳු අනිත් කඳවුරු කිහිපයක් ද විය. කඳවුරු භාවිතයට ගත් අවධියේ පමණක් අපි ඒවා පවත්වාගෙන ගියෙමු

History of Ceylon: Presented by Captain John Ribeyro to the King of Portugal, in 1685

මැණික්කඩවර බලකොටුව ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති එකම පැති හතරේ තරු හැඩයේ බලකොටුවයි. මෙම බලකොටුව යුරෝපීය හා ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් සංකලනයකින් ගොඩනැගී ඇත. සාමාන්‍යයෙන් බලකොටුවේ කොන් වල ඇති මුර අට්ටාල වෙනුවට මෙහි ඇතිතේ සතරැස් බැම්ම මද්‍යයේය. මෙම චතුරස්රාකාර කොටුව මැද ඇති ගොඩනැගිල්ලට පිරමීඩීය වහලක් තිබූ අතර බිම් හා පළමු මහල බරාඳයකින් වටවී තිබුණි.

අවාසනාවට අද මෙම බලකොටුව පස් කන්දක් බවට පත්ව ඇත. ඉංග්‍රීසි පාලන සමයේදී පෘතුගීසි ලාංඡනය සහිත ගල් එලකයක් මැණික්කඩවර රජමහා විහාරයේ තිබී 1890 දී සොයා ගන්නා ලද අතර එය කොළඹ ජාතික කෞතුකාගාරයට ගෙන ගොස් ඇත.

Portuguese emblem carved on the rock slab
Portuguese emblem carved on the rock slab

ආශ්‍රිත

  1. H. C. P. BELL, 1904. ARCHEOLOGICAL, SURVEY OF CEYLON. REPORT ON THE KEGALLA DISTRICT · OF THE PROVINCE OF SABARAGAMUWA. 1st ed. Colombo: GEORGE J. A. SKEEN.
  2. H.C.P බෙල් (සිංහල පරිවර්තනය කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ් ), 2005. ලංකා පුරාවිද්‍යා ගවේෂණය කෑගල්ල දිස්ත්‍රික්කය පිලිබඳ වාර්තාව (Report On The Kegalle District – 1892 : සිංහල පරිවර්තනය). 1st ed. කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව.
  3. Jayasena, R., Floore, P. and Klingelhofer, E., 2010. First Forts – Essays on the Archaeology of Proto-colonial Fortifications. Leiden.Boston: IDC Publishers, Martinus Nijhoff Publishers and VSP.

සම්බන්ධ වෙනත් පිටු

මැණික්කඩවර බලකොටුව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මැණික්කඩවර බලකොටුව ගමන් මාර්ගය

කොළඹ සිට මැණික්කඩවර බලකොටුව දක්වා නෙලුම්දෙණිය සිට මැණික්කඩවර බලකොටුව දක්වා
හරහා : කඩවත – නිට්ටඹුව – වරකාපොල – නෙළුම්දෙණිය
දුර: 76 km
ගමන් කාලය: පැය 2 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න
දුර : 7 km
ගමන් කාලය: විනාඩි 10 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply