කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

කැබිතිගොල්ලෑව පිහිටි හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර ක්‍රිස්තු පූර්ව කාලයට අයත් අතීත විහාර සංකීර්ණයකි. පුරාණයේ දකුණු ඉන්දියාවවේ අඛණ්ඩ ආක්‍රමණයන් හමුවේ අනුරාධපුර යුගයෙන් පසු ශිෂ්ඨාචාරය දකුණට සංක්‍රමණය වීමත් සමඟ සමෘද්ධිමත් වූ සිය ගණනක් වූ බෞද්ධ ආරාම දෙමළ හමුදාවන් විසින් විනාශ කරන අතර පසුව ස්වභාව ධර්මය විසින් විනාශ කෙරිණි.

විසිවන සියවසේ අග භාගය වන විට මෙම පෞරාණික ආරාමයේ ඉතිරිව තිබුනේ ගල් කණු සහ ඉතා විශාල ආසනඝරයක් පමණි. මෙම විශාල ගල් පුවරුව නිසා කැබිතිගොල්ලෑව අවට ගම්වාසීන් විනාශ වී ඇති මෙම විහාර සංකීර්ණය ගල් ඇඳ විහාරය ලෙස නම් කොට තිබිණි.

උතුරේ දෙමළ ත්‍රස්තවාදය ආරම්භයේ සිටම, කැබිතිගොල්ලෑව අවට ප්‍රදේශය ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක්වීමේ තර්ජනයට නිරන්තරයෙන් මුහුණ දිනි. 1995 ඔක්තෝම්බර් මාසයේදී කැබිතිගොල්ලෑව ආසන්නයේ තම්මැන්නාගම ප්‍රදේශවාසීන් 20 දෙනෙකු පමණ දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් කපා කොටා ඝාතනය කරන ලදී. ඉන් පසුව දෙමළ කොටි ත්‍රස්තවාදීන් පසුව ගෝමරන්කඩවල ගම්මානයේ කල්‍යාණපුරයට කඩා වැදී ගම්වාසීන් හත් දෙනෙකු ඝාතනය කළහ. නමුත් මෙම අහිංසක ගැමි ජනතාවට ලොකුම පහර එල්ල වූයේ 2006 ජූනි 15 වෙනිදා උදෑසන දරුවන් 15 දෙනෙකු ඇතුළු අහිංසක ගම්වාසීන් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්වී කැබිතිගොල්ලෑව සහ තල්ගහවැව අතර ජනාකීර්ණ බස්රථයකට එල්ල වූ ක්ලේමෝ බෝම්බ 2 ක බෝම්බ ප්‍රහාරයෙන්. මියගිය අය අතර ගල්ඇඳ රජමහා විහාරයේ වැඩ සිටි ස්වාමින් වහන්සේද විය.

දෙමළ ත්රස්තවාදීන් විසින් සිදු කළ මෙම සංහාරයෙන් වසර දහස් ගණනකට පෙර සිදු වූ විනාශයට සමාන විනාශයක් මෙම ගම්වාසීන්ට මුහුණ දීමට සිදුවූ අතර පෙරසේම, මෙම මායිම් ගම්වාසීන්ගෙන් බොහෝ දෙනෙක් තම නිවෙස් අතහැර පලා ගොස් රජයේ පාලන ප්‍රදේශවල විවිධ සරණාගත කඳවුරුවල වාසය කළ අතර මෙම විහාරයද නැවතත් වනයට ගොදුරු විය .

වසර 2009දී කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් පසු මෙම ගම්මාන වල ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් විය. එකල කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරයාගේ උත්සාහයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමය උපයෝගී කරගනිමින් මෙම පෞරාණික සංඝාවාසය කැණීම් හා ප්‍රතිසංස්කරණය ආරම්භ කරන ලදී.

විහාරස්ථානයේ ස්තූපය ඉදි කර ඇත්තේ උස් හතරැස් වේදිකාවක් මතය. මෙය වසර දහස් ගණනකට පෙර ආක්‍රමණය කළ දෙමළ හමුදාව විසින් මුළුමනින්ම විනාශ කර තිබිණි. ස්ථූපය සුරැකිව තිබුනේ පාදස්ථලය පමණි. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මත පදනම්ව මෙම ස්ථූපය අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් යැයි සැලකේ. කැණීම් වලදී ස්තූපයේ යුපගල මෙහි සුන්බුන් අතර තිබී සොයාගෙන ඇත.

ස්ථූපයට ආසන්නව විශාල ශෛලමය ආසන පුවරුවක් ඇති අතර එය මෙතෙක් සොයා ගත් විශාලතම අසනාඝරයක් යැයි විශ්වාස කෙරේ. බෞද්ධ ප්‍රතිමා නෙලීමට පෙර කාලයේ බුදුන් වහන්සේ භෞතික ස්වරූපයෙන් නියෝජනය කිරීමට ආසන භාවිතා විය. මේ අනුව මෙම පූජා භූමියේ ආරම්භය ක්‍රිස්තු පූර්ව යුගය විය හැක. .

ලංකාවේ පැරණිතම බෞද්ධ ගෘහ නිර්මාණ අංග තුනක් ලෙස වියතුන් විසින් සලකනු ලබන්නේ බෝධිඝරයත් චේතියඝරයත් ආසනඝරයත් ය. මෙයින් බෝධිඝරය පිළිබඳ වටදාගේ නම් වූ චේතිඝරය පිළිබඳවත් මූලාශ්‍රවල සඳහන් වෙතත් ආසනඝරය පිළිබඳ විස්තර වශයෙන් සඳහන් නොවේ. එහෙත් පැරණි අට්ඨකථාවලත් මහාවංශය දීපවංශය ආදී පැරැණි වංශ කතාවලත් මේ පිළිබඳව යම් යම් සඳහන් ඇත. 

පුරාවිද්‍යාත්මකව තොරතුරු හා සැසදීමේදී සිරිපතුල් සංකේතය හා සම කාලීනව හෝ ඊට මඳ කාලයකට පසු ආසන බුදුන්ගේ සංකේතයක් ලෙස ප්‍රචලිත වී ඇති බව පෙනේ. ගුණපාල සේනාධීර මහතා (Buddhist Symbolism and Wish Fulfillment) ආසන හාවිතය ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිට 9වන සියවස දක්වා පැතිරී තිබු බව පවසයි. ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඇරඹීමත් සමග බුදුන් සිහිපත් කිරීමට සංකේත භාවිතය පසුබෑමකට ලක්විය.

හල්මිල්ලවැටියෙහි පිහිටි මෙම ආසනඝරය 1963 දී සොයා ගන්නා ලදී (පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ වාර්තාව 1963/64 – පිටුව 19). මෙම ගල් පුවරුව දිග අඩි 14 අඟල් 10 අඟල් 10 ක් සහ දිග අඩි 6 අඟල් 9 ක් විය.

ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික ඉඩමක එම ස්ථානයට මීටර් 200 ක් පමණ ඈතින් කොටස් තුනකට කැඩී ගිය සෙල්ලිපි ස්ථම්භයක් සොයා ගෙන ඇත. මෙම කැබලි 3 එක් කොට කියවූ විට මෙම අතීත බෞද්ධ සංකීර්ණයේ ඉතිහාසයේ යම් කොටසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී. ගල්ඇඳ රජමහා විහාරය පුරාණයේ කළාගම් වෙහෙර ලෙස හැඳින්වී ඇති අතර එය අතීතයේ පුරාණ අභයගිරි සංකීර්ණයේ මංගල පිරිවෙනට අයත් ව තිබිණි. මෙම ශිලා ලිපිය අනුරාධපුර රාජධානියේ 4 වන කස්සප රජු (898-914) විසින් ස්ථාපනය කොට ඇත.

මෙම සංකීර්ණයේ ආසනඝරය ඉදිරිපිට දක්නට ලැබෙන බෝධිඝරයද සුවිශේෂී ය. බෝධිඝරයක් තුළ බෝධියක් රෝපණය කර පෝෂණය කළ ආකාරය පිළිබඳ සම්පූර්ණ සාක්‍ෂිය ලැබු ප්‍රථම අවස්ථාව මෙයයි. බෝධිඝරයේ සංරක්‍ෂණ කටයුතු අවසන් වූ පසු තවදුරටත් විනාශ වීම නැවැත්වීම සඳහා වැලි වලින් පුරවා ඇති අතර කුඩා කොටසක් පමණක් ඉහළින් දිස්වේ. කැණීම් සිදු කරන විට මතුපිටට පහළින් පිහිටි බෝධිඝරය පෙනුනේ කෙසේද යන්න පහත පින්තූරයේ පමණක් දැක්වේ.

මුලාශ්‍ර

  • ඇම්. ජී. රත්නපාල, 1997. වජ්‍රාසනය. සංකෘතික පුරාණය, 2(8), pp.31-38.
  • සිළුමිණ. 2020. යුද්ධයේ බිහිසුණුකම අතරින් යළි ගොඩගැඟුණු හල්මිල්ලවැටිය. [online] Available at: <https://www.silumina.lk/2020/09/26/රසඳුන/යුද්ධයේ-බිහිසුණුකම-අතරින්-යළි-ගොඩගැඟුණු-හල්මිල්ලවැටිය> [Accessed 17 October 2021].

සම්බන්ධ වෙනත් පිටු

කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර ගමන් මාර්ගය

අනුරාධපුරය සිට කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර
හරහා : මිහින්තලේ
මුළු දුර :කිලෝමීටර 66
ගතවන කාලය  : පැය 1.5
ගතකල යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com