අම්පාර – මහියංගණ මාර්ගයේ ගල්ඔය යෝජනා ක්‍රමයේ මායිමේ අම්පාර පුළුකුණාව ගුහා සහ පෞරාණික නටබුන් විශාල වනාන්තරයකින් වැසුනු කන්දක් මත පිහිටා ඇත. කන්දේ දකුණු කෙලවරේ කටාරම් සහිත ලෙන් විශාල ප්‍රමාණයක් පිහිටා තිබේ. මෙහි බොහෝ ලෙන් වල ක්‍රිස්තු පුර්ව යුගයට අයත් සෙල්ලිපි දැකිය හැක. මෙම කන්දට දකුණින් පිහිටි කඳු පාමුල ගොඩනැගිලි ගණනාවක නටබුන් ඇත. නිදන් හොරුන් විසින් විනාශ කරන ලද දාගැබ් තුනක්, කණු කිහිපයක් සහ පොකුණක් මේ අතර වේ. පොළොව යට වැළලී ගිය බුදු පිළිමයක කොටස් හමු වී ඇත. එම ස්ථානයේ ඇති ඉදිකිරීම් වටා ප්‍රකාරයක් හමුවේ .
කන්ද මතට නැගීමේදී ඔබට අර්හත් පුස්සදේවයන්ගේ දේහය තැන්පත් කර ඉදිකරන ලදැයි සමහරු සලකන විනාශ කළ තවත් ස්ථූපයක් හමුවේ. මෙම ස්තූපයට සමීපව පහත ඇති විහාර සංකීර්ණයට ජලය සැපයූ ස්වාභාවික පොකුණකි. මෙම මට්ටමේ බොහෝ ගොඩනැගිලි වල අවශේෂ තැන තැන විසිරී තිබෙනු දැකිය හැකිය.
පියවර හයසියයක් පමණ තවත් නැගීමේදී කඳු මුදුන පුරා විසිරී ඇති භික්ෂූන් වහන්සේලා භාවනා කිරීම සඳහා භාවිතා කරන කටාරම් සහිත ගුහා විශාල ප්‍රමාණයක් ඔබට දැක ගත හැකිය. එක් ගුහාවක ක්‍රිස්තියානි යුගයට පෙර ලියවුන කටාරම් ලිපියක අර්හත් පුස්සදේවට පරිත්‍යාග කරන ලද ලෙනක් පිළිබඳව සඳහන් වේ.
පුලුකුණව ලෙන් විහාරයේ වැදගත්ම නටබුන් නම් ශ්‍රී ලංකාවේ විශාලතම යැයි සැලකෙන විශාල ආසනඝරයයි.. බුදු පිළිමය නිර්මාණය කිරීමට පෙර ආසන නමස්කාරයට භාජනය විය.
ලංකාවේ පැරණිතම බෞද්ධ ගෘහ නිර්මාණ අංග තුනක් ලෙස වියතුන් විසින් සලකනු ලබන්නේ බෝධිඝරයත් චේතියඝරයත් ආසනඝරයත් ය. මෙයින් බෝධිඝරය පිළිබඳ වටදාගේ නම් වූ චේතිඝරය පිළිබඳවත් මූලාශ්‍රවල සඳහන් වෙතත් ආසනඝරය පිළිබඳ විස්තර වශයෙන් සඳහන් නොවේ. එහෙත් පැරණි අට්ඨකථාවලත් මහාවංශය දීපවංශය ආදී පැරැණි වංශ කතාවලත් මේ පිළිබඳව යම් යම් සඳහන් ඇත.
පුරාවිද්‍යාත්මකව තොරතුරු හා සැසදීමේදී සිරිපතුල් සංකේතය හා සම කාලීනව හෝ ඊට මඳ කාලයකට පසු ආසන බුදුන්ගේ සංකේතයක් ලෙස ප්‍රචලිත වී ඇති බව පෙනේ. ගුණපාල සේනාධීර මහතා (Buddhist Symbolism and Wish Fulfillment) ආසන හාවිතය ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිට 9වන සියවස දක්වා පැතිරී තිබු බව පවසයි. ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඇරඹීමත් සමග බුදුන් සිහිපත් කිරීමට සංකේත භාවිතය පසුබෑමකට ලක්විය.
පුළුකුණාව ආසනඝරය එකල පුරාවිද්‍යා අධිකාරී චාර්ල්ස් ගොඩකුඹුරේ මහතා විසින් 1961දී වාර්තා කොට ඇත. මෙම ආසන පුවරුව දිගින් අඩි 14 අඟල් 5ක් පමණ වන අතර ඝනකම අඩි 2කි. එය අඩි 2ක් පමණ උස්වූ ගල්කණු මත පිහිටුවා තිබිණි. ආසනයේ සතර කෙලවර බොරදම් තීරුවකින් සරසා තිබේ.
මෙම පුවරුව මැදිවන සේ ගෘහයක් තිබී ඇත. එය ගල් පාදමක් මත ලී කණු යොදා සකස් කොට තිබෙන්නට ඇත. මෙම ස්ථානය කැනීමේදී පාදම් ගල් 24 පමණ හමුවී තිබේ. අවට පිහිටි ගොඩනැගිලි පිරික්සන විට මෙම ගොඩනැගිල්ලේ දොරටුව නැගෙනහිරින් පිහිටා තිබෙන්නට ඇතැයි සැක කල හැකි බව ගොඩකුඹුරේ මහතා සටහන් කරයි.
මීට අමතරව පුළුකුණාව ගමට ආසන්නයේ අංක 29 දරන කොලනියේද අඩි 10 අඟල් 8ක් දිග අඩි 10 අඟල් 5ක් පළල ආසන ගල් පුවරුවක් හමුවේ. ගලින් සාදන ලද පාදම් ගල් අනුව මෙහිද ආසනඝරයක් පැවති බව විශ්වාස කරයි. පුළුකුණාව සමීපයේ ඇති රජගල නටබුන් අතරද ආසනයක් සහිත වෘතාකාර ආසනඝරයක් තිබී ඇති බව ගොඩකුඹුරේ මහතා පවසයි.
අම්පාරේ සිට මහඔය මාර්ගයේ ගමන් කොට පියංගල විහාරය පසුකර විට ඔබට පුලුකුණව රජමහා විහාරස්ථානයේ අලුතින් ස්ථාපිත විශාල නාම පුවරුවක් හමු වේ. පුවරුව ඔබ්බට ගොස් මහඔය දෙසට කි.මී 2 ක් පමණ ගමන් කලවිට වම් පැත්තේ ඇති කුඩා මාවතකට පැමිණ විහාරස්ථානයට පිවිසිය හැක. රජමහා විහාරයක් ලෙස සැලකෙන නමුත් වර්තමානයේ මෙය විහාරයක් ඉදි කිරීමට වෙභෙසෙන කරන එක් භික්ෂුවකට සීමා වී ඇත.
ආශ්‍රිත
- ඇම්. ජී. රත්නපාල, 1997. වජ්‍රාසනය. සංකෘතික පුරාණය, 2(8), pp.31-38.
සම්බන්ධ වෙනත් පිටු
පුළුකුණාව ආසනඝරය සහ රජමහා විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පුළුකුණාව ආසනඝරය සහ රජමහා විහාරය ගමන් මාර්ගය
අම්පාර සිට පුළුකුණාව ආසනඝරය සහ රජමහා විහාරය දක්වා |
හරහා :අම්පාර – උහන – මහඔය මාර්ගය සහ A 27 මුළු දුර :කිලෝමීටර 32 ගතවන කාලය : විනාඩි 20 ගතකල යුතු කාලය : විනාඩි 30-60 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)