මාදුරුඔය නිම්නයේ සැඟවුණු වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය (Wadamunai (Wadamune) Megalithic Burial Grounds in Maduru Oya Valley)

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (5 votes, average: 3.20 out of 5)
Nayanajith S. Wickramaarachchi
by Nayanajith S. Wickramaarachchi

සෙවනපිටිය සිට මොරවැව හරහා අලි ඇතුන්‌ ගහන මහ චනය සිසාරා කිලෝ මීටර්‌ 05 ක්‌ පමණ ගමන්‌ කළ විට අදින්‌ වසර දහස්‌ ගණනකට පෙර මැටි භාජන පරිහරණය කරන ලද සංවිධානාත්මක ලෙස මළ සිරුරු මිහිදන්‌ කළ දියුණු ශිෂ්ටාචාරවාසී මිනිසුන්‌ වාසය කළ භූමියක්‌ වඩමුනේ දී හඳුනා ගත හැකි වෙයි. මෙම භූමියෙන්‌ හමු වූ අක්‍රමවත්ව විසිරි ගිය වළං කටු කැබලි අතර විවිධ ප්‍රමාණයේ භාජනවලට අයත්‌ වළං කටු කැබලි විශාල ප්‍රමාණයක්‌ වේ. මේවා විසිරි පවතින ආකාරය අනුව එම ප්‍රදේශය අතීත ජනාවාසයක්‌ හෝ කීපයක්‌ ස්ථානගතව තිබූ බවට කදිම නිදර්ශනයකි. පහළ මාදුරුඔය නිම්නයේ පිහිටි මෙම ප්‍රදේශය තුළ නිතර ජල ගැලීම්‌ සිදූවන නිසා මීටත්‌ වඩා වළං කටු කැබලි මෙහි ව්‍යාජ්තව තිබෙන්නට ඇති නමුත්‌ අද දැකිය හැක්කේ ඉතා අල්ප වූ ප්‍රමාණයකි.

මෙම ප්‍රදේශය පසුකොට මද දුරක්‌ ඉදිරියට ගිය විට හමුවන එළිමහන්‌ තැනිතලා බිමේ තැනින්‌ තැන ස්ථානගත වූ ගල්‌ සොහොන්‌ විශාල ප්‍රමාණයකි. විශාල ගල්‌ පතුරු සතරක්‌ සිටුවා ආදාහන භෂ්මාවශේෂ සහිත මැටි බරණි එහි මධ්‍යයෙහි තබා තවත්‌ එවැනි ම ගල්‌ පතූරකින්‌ වසා මෙම සොහොන්‌ ගැබ්‌ නිර්මාණය කර ඇත. පොකුරු වශයෙන්‌ ඉදිකර ඇති මෙම සොහොන්‌ එකම පවුලේ සාමාජිකයින්‌ වෙනුවෙන්‌ ඉදිකරන්නට ඇතැයි අනුමාන කළ හැක.

⚙️ [Google Ad 01 -SI]

මෙම සොහොන්‌ බිම තුළින්‌ තැනින්‌ තැන විසිරුණු සොහොන්‌ 15-20 අතර ප්‍රමාණයක්‌ වෙයි. බොහෝ සොහොන්‌ ගැබ්‌ මධ්‍යයෙහි කටු පඳුරු වැවී ඇති අතර ඇතැම්‌ ඒවා නිධන්‌ හොරුන්‌ විසින්‌ හාරා විනාශ කර ඇත. මෙම ප්‍රදේශයේ මෙවැනිම තවත්‌ සුසාන භූමි දෙකක්‌ ද වන අතර ඉන්‌ විශාලතම සුසානය අක්කර ගණනාවක්‌ පුරාම විහිදී ඇති බව ගම්‌ වැසියන්‌ පවසයි.

අදවන විට අත්හැර දමන ලද වඩමුනයි වැව (වඩමුනේ වැව) අතීතයෙහි මෙම ප්‍රදේශයේ සශ්‍රීකව පැවති බවට කදිම සාධකයකි. මේ වන චිට කිසිඳු වගකිව යුතු පාර්ශවයකගේ අවධානයට ලක්‌ නොවුණු මෙම ඓතිහාසික භූමිය තවත්‌ විනාශ වීමට ඉඩ නොදී රැකගැනීමට කටයුතු කළ යුතු වන්නේ ය.

පහත ගූගල් සිතියමේ ස්ථානය දක්වා ඇත්තේ දළ වශයෙනි.

සම්බන්ධ වෙනත් පිටු

වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය රියදුරු දිශාවන්

නූතන පොළොන්නරුව නගරය  නව නගරය ලෙස ද හඳුන්වනු ලබන අතර පොළොන්නරුවේ  අනෙක් කොටස  පොළොන්නරුව  රාජධානියේ රාජකීය පුරාණ නගරය ලෙස පවතී  .

කොළඹ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගයමහනුවර සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය
හරහා : මධ්‍යම අධිවේගී මාර්ගය – කුරුණෑගල – දඹුල්ල
දුර : 226 km
ගමන් කාලය : පැය 4.45
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
හරහා : මාතලේ – දඹුල්ල – හබරණ
දුර : කිලෝමීටර් 145
ගමන් කාලය : පැය 3.0
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියම් බලන්න
අනුරාධපුරයේ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගයමඩකලපුවේ සිට පොළොන්නරුව පූජා නගරය දක්වා මාර්ගය
හරහා : මරදන්කඩවල – හබරණ
දුර : කිලෝමීටර 105
ගමන් කාලය : පැය 2
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
හරහා : චෙන්කලඩි – වාලච්චේන
දුර : කිලෝමීටර් 100
ගමන් කාලය : පැය 1.5
රිය පැදවීමේ දිශාවන් :  ගූගල් සිතියමේ බලන්න
පොලොන්නරුව සිට වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය දක්වා
හරහා :මනම්පිටිය
මුළු දුර: කිලෝමීටර 60
ගතවන කාලය  : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply