මාදුරුඔය නිම්නයේ සැඟවුණු වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය – Wadamunai (Wadamune) Megalithic Burial Grounds in Maduru Oya Valley


සෙවනපිටිය සිට මොරවැව හරහා අලි ඇතුන් ගහන මහ චනය සිසාරා කිලෝ මීටර් 05 ක් පමණ ගමන් කළ විට අදින් වසර දහස් ගණනකට පෙර මැටි භාජන පරිහරණය කරන ලද සංවිධානාත්මක ලෙස මළ සිරුරු මිහිදන් කළ දියුණු ශිෂ්ටාචාරවාසී මිනිසුන් වාසය කළ භූමියක් වඩමුනේ දී හඳුනා ගත හැකි වෙයි. මෙම භූමියෙන් හමු වූ අක්‍රමවත්ව විසිරි ගිය වළං කටු කැබලි අතර විවිධ ප්‍රමාණයේ භාජනවලට අයත් වළං කටු කැබලි විශාල ප්‍රමාණයක් වේ. මේවා විසිරි පවතින ආකාරය අනුව එම ප්‍රදේශය අතීත ජනාවාසයක් හෝ කීපයක් ස්ථානගතව තිබූ බවට කදිම නිදර්ශනයකි. පහළ මාදුරුඔය නිම්නයේ පිහිටි මෙම ප්‍රදේශය තුළ නිතර ජල ගැලීම් සිදූවන නිසා මීටත් වඩා වළං කටු කැබලි මෙහි ව්‍යාජ්තව තිබෙන්නට ඇති නමුත් අද දැකිය හැක්කේ ඉතා අල්ප වූ ප්‍රමාණයකි.
මෙම ප්‍රදේශය පසුකොට මද දුරක් ඉදිරියට ගිය විට හමුවන එළිමහන් තැනිතලා බිමේ තැනින් තැන ස්ථානගත වූ ගල් සොහොන් විශාල ප්‍රමාණයකි. විශාල ගල් පතුරු සතරක් සිටුවා ආදාහන භෂ්මාවශේෂ සහිත මැටි බරණි එහි මධ්‍යයෙහි තබා තවත් එවැනි ම ගල් පතූරකින් වසා මෙම සොහොන් ගැබ් නිර්මාණය කර ඇත. පොකුරු වශයෙන් ඉදිකර ඇති මෙම සොහොන් එකම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරන්නට ඇතැයි අනුමාන කළ හැක.
මෙම සොහොන් බිම තුළින් තැනින් තැන විසිරුණු සොහොන් 15-20 අතර ප්‍රමාණයක් වෙයි. බොහෝ සොහොන් ගැබ් මධ්‍යයෙහි කටු පඳුරු වැවී ඇති අතර ඇතැම් ඒවා නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. මෙම ප්‍රදේශයේ මෙවැනිම තවත් සුසාන භූමි දෙකක් ද වන අතර ඉන් විශාලතම සුසානය අක්කර ගණනාවක් පුරාම විහිදී ඇති බව ගම් වැසියන් පවසයි.
අදවන විට අත්හැර දමන ලද වඩමුනයි වැව (වඩමුනේ වැව) අතීතයෙහි මෙම ප්‍රදේශයේ සශ්‍රීකව පැවති බවට කදිම සාධකයකි. මේ වන චිට කිසිඳු වගකිව යුතු පාර්ශවයකගේ අවධානයට ලක් නොවුණු මෙම ඓතිහාසික භූමිය තවත් විනාශ වීමට ඉඩ නොදී රැකගැනීමට කටයුතු කළ යුතු වන්නේ ය.
පහත ගූගල් සිතියමේ ස්ථානය දක්වා ඇත්තේ දළ වශයෙනි.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය රියදුරු දිශාවන්
පොලොන්නරුව සිට වඩමුනයි (වඩමුනේ) මෙගලිතික සුසාන භූමිය දක්වා |
හරහා :මනම්පිටිය මුළු දුර: කිලෝමීටර 60 ගතවන කාලය : පැය 2 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-45 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
ප්‍රතිචාරයක් ලබාදෙන්න