පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට ගමින් ගමට යන්න දින ගණන් ගත උනා. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.
ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.
වලවෙල අම්බලම තියෙන්නේ බෙලිඅත්ත – හක්මණ මාරිගයේ. බෙලිඅත්ත සිට කිලෝමීටර 3ක් මෙම මාර්ගයේ ගමන් කල විට ගොඩවෙල හංදිය හමුවෙනවා. මෙම හන්දියේ විශාල බෝ ගහක් තිබෙනවා. මේ බෝ ගහට සම්බන්ද වී කුඩා පූජා ස්ථානයක් නිර්මාණය වී තිබෙනවා. අම්බලම තිබෙන්නේ මෙම පූජා ස්ථානයටත් විශාල වෙල්යායක් අතරට මැදි වෙලා. හක්මණ සිට ගමන් කරනවානම් ගොඩවෙල හංදියට කිලෝමීටර 8.5ක් පමණ තිබෙනවා.
වලවෙල අම්බලම තරමක විශාල සෘජුකෝනාශ්‍ර ගොඩනැගිල්ලක්. ඉදිරිපස තරමක් පළල ආලින්දයක් තබෙනවා. ආලින්දයේ මැදින් ගොඩනැගිල්ලට ඇතුලට පිවිසුම සදා තිබෙනවා. ආලින්දයේ සම්පූර්ණ දිගට හිඳ ගැනීමට පිළක් සාදා තිබෙනවා. අම්බලම තුලත් ඇතුලත බිත්තියේත් දිග අතට පිළක් තිබෙනවා. මෙහි වහලය පළ 2කට සාදා සිංහල උළු සෙවෙලි කර තිබෙනවා.
මෙහි විශෙයක් වන්නේ මෙම අම්බලම අසල තබා සිටින කැටයමෙන් හා ඔපමට්‌ටම් කිරීමෙන් අලංකාර වූ ශෛලමය ජල ටැංකියයි. මෙය පිටතින් සතරැස් වන අතර කුහරය වෘත්තාකාරයි. මෙම ටැංකියේ කැටයම් අතර 1895 වර්ෂය කැටයම් කර තිබෙනවා. එමනිසා මෙම අම්බලමද 1895 වසරේ සදනලද බව උපකල්පනය කරන්න පුළුවන්.
මෙම අම්බලමට මීටර 100ක් පමණ බෙලිඅත්ත දෙසට යන විට පොල් වත්තක් අසල අපූර්ව පුවරුවක් තිබෙනවා. පෙර සිටි සිංහලයාගේ උදාරත්වය පිළිබිඹු කරන මෙම පුවරුවේ සඳහන් වන්නේ “මගීන් මෙහි පැමිණ වෑවර කඩාගෙන බී පිපාසය සංසිදුවා ගනු මැනවි” යන්නයි. මෙහි 1928 ජනවාරි 1 යන දිනයද සඳහන්. දැනට පවතින පුවරුව එතරම් පුරාන නූවත් 1928 සිට මෙම දාන කර්මය මෙහි සිදුවී ඇති බව සිතාගන්නට පුළුවන්. මෙම පොල් වත්තේ අතින් කඩාගත හැකි උස වෑවර ගස් තිබුන බව කියවෙනවා. පසුගිය සියවසේ වලවෙල අම්බලමේ වෙහෙස නිවාගැනීමට නවතන ගැල් (කරත්ත) කරුවන් වෙනුවෙන් මෙම දාන කර්මය කර ඇති බව කියනවා.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
බෙලිඅත්ත වලවෙල අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
බෙලිඅත්ත වලවෙල අම්බලම රියදුරු දිශාවන්
මාතර සිට බෙලිඅත්ත වලවෙල අම්බලම දක්වා |
හරහා : තිහගොඩ – හක්මණ මුළු දුර : කිලෝමීටර 32 ගතවන කාලය : විනාඩි 45 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)