අමුණකොලේ ශ්‍රී වර්ධනාරාමය ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...

අමුණකොලේ ශ්‍රී වර්ධනාරාමය යනු නිකවැරටිය සහ පාදෙනිය අතර පිහිටි පුරාණ විහාරයකි. මෙම විහාරස්ථානයට ළඟාවීම සඳහා නිකවැරටිය පසුකර පාදෙනිය දෙසට විතිකුලිය හන්දිය දක්වා කි.මී. 5ක් ගමන් කොට මෙම හන්දියේ සිට කඩවලගෙදර මාර්ගයේ කිලෝමීටර් 7.5 ක් ගමන්කර දකුණුපසට පටු මාර්ගයට හැරිය යුතුයි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

සෙන්ටිමීටර 5.6 ක් උස ගල් කණු 9 ක් මත අමුනකොලේ ටැම්පිට විහාරය ඉදිකර ඇත. මෙහි ප්‍රථිමා ගෘහය වටා අඩක් උස පිටත බිත්ති සහිත ප්‍රදක්ෂිණා පථයක් වැනි කොරිඩෝවක් ඉදිකර ඇත. මෙය ඉදිරිපස සෙන්ටිමීටර 76 ක් පළල වන අතර පැත්තේ සහ පසුපස පළල සෙන්ටිමීටර 45.7 ක් පමණි. සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම පටු පථයෙහි ගමන් කළ නොහැකි බැවින් මෙය ප්‍රදක්ෂිණා පථයක් ලෙස සැලකිය නොහැකිය.

ප්‍රථිමා ගෘහයට පිවිසෙන දොරටුවේ ආරක්ෂක දෙවිවරුන් දෙදෙනෙකු බිත්තියේ පින්තාරු කර ඇත. මෙම ටැම්පිට විහාරයේ කිසිදු චිත්‍රයක් හෝ පිළිමයක් සාමාන්‍යයෙන් දකින මහනුවර සිත්තරුන්ගේ බලපෑම පෙන්නුම් නොකරයි. ප්‍රථිමා ගෘහය දිග මීටර් 3 ක් සහ පළල මීටර් 2.72 කි. සම්පූර්ණ ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 4.20 ක් දිග සහ පළල මීටර් 3.56 කි. වේදිකාවට සවි කර ඇති දැවමය කණු 11 කින් වහලය රඳවා ඇත.

ප්‍රධාන හිඳි ප්‍රතිමාව දොරට මුහුණ ලා සිටියි. මෙම ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වීම විශේෂත්වයකි. මෙම මුද්‍රාවෙන් බෝසතාණන් වහන්සේ බුදු බව ලබන අවස්ථාවේ කළ මාර පරාජය පිළිබිඹු කැරෙන්නක් වන මෙයින් එම වේලාවේ උන් වහන්සේ ‘මේ මිහිකත මට සාක්ෂ්‍ය යැ’ යි පොළොවට අත දිගු කළ ආකාරය දැක්වෙයි. මෙම මුද්‍රාව ප්‍රධාන වශයෙන් මහායාන පිළිමහි දක්නට ලැබෙන අතර එය කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඉරියව්වක් නොවීය.

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වටා රැස් මාලාව ඇඳ ඇත්තේ නුවර යුගයේ සුලබ ගිනිදළු මොස්තරයකින්ය. නමුත් මෙහි එය සාමාන්‍යයෙන් හමුවන හැඩයට වෙනස් වෘත්තාකාර හැඩයක් ගනී. බුදු පිළිමය දෙපස සාරියූත් සහ මුගලන් තෙරුන්ගේ මූර්ති දැකිය හැකිය. හිටි බුද්ධ ප්‍රතිමාවක් වම් බිත්තියේ මූර්ති කර ඇත. මෙම පිළිමයේ කොටසක් විනාශ වී ඇත. ප්‍රතිවිරුද්ධ බිත්තියේ රජෙකුගේ හෝ දෙවියෙකුගේ ප්‍රතිමාවක් දක්නට ලැබේ. මෙම ටැම්පිට විහාරයේ සිතුවම් විනාශ වෙමින් පවතී.

ආශ්‍රිත මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

අමුණකොලේ ටැම්පිට විහාරය සිතියම

Please click on the button below to load the Dynamic Google Map (ගූගල් සිතියම් පහලින්)
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.

අමුණකොලේ ටැම්පිට විහාරය දිශාවන්

මහනුවර සිට අමුණකොලේ ටැම්පිට විහාරය දක්වා
හරහා : ලේවැල්ල
මුළු දුර : කිලෝමීටර් 48
ගතවන කාලය : විනාඩි 60
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com