පැරණි අනුරාධපුර නගරයේ දෙමල ගෘහපතින්ගේ සෙල්ලිපිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
Tamil Householders' Terrace inscription of Ancient Anuradhapura Kingdom - පැරණි අනුරාධපුර අගනගරයේ දෙමල ගෘහපතිගේ සෙල්ලිපිය
Tamil Householders’ Terrace inscription of Ancient Anuradhapura Kingdom – පැරණි අනුරාධපුර අගනගරයේ දෙමල ගෘහපතිගේ සෙල්ලිපිය

අභයගිරි ස්ථූපයේ සිට වටවන්දනා මාර්ගයේ එහි ප්‍රධාන දානශාලාව, රත්න ප්‍රසාදය සහ සඳකඩපහණ පසු කර යන විට, සුදස්සන පධානඝරය නම් වූ දීඝ පාෂාණයේ ලෙන් සංකීර්ණය දෙසට ඇති මාර්ගය හමුවේ. මෙම මාර්ගයට ප්‍රතිවිරුද්ධ ප්‍රදේශයේ පැතලි තැනිතලා භූමියක පහත් පාෂාණමය ප්‍රදේශයේ ආසනයක ස්වරූපයෙන් කපන ලද එක් පාෂාණයක් මත මෙම යුගයේ දී හමු වන ඉතා දුර්ලභ වර්ගයේ සෙල්ලිපියක් හමු වී ඇති අතර එය මහාචාර්ය පරණවිතානයන් විසින් දෙමළ ගෘහපතින්ගේ සෙල්ලිපිය ලෙස නම් කොට ඇත. මෙම පාෂාණය වටා කපා ඇති කුහර පිරික්සීමෙන් මීට ඉහළින් මෙහි වහලක් තිබූ බව පෙනේ.

දීඝ පාෂාණය යනු අනුරාධපුරයේ වර්තමාන වෙස්සගිරිය (පුරාණයේ සැබෑ ඉසුරුමුණිය) සිට රන්මසු උයන, අභයගිරි ආරාමය හරහා පුරාණ විජයරාමය ප්‍රදේශය දක්වා කිලෝමීටර් 10 කට වඩා වැඩි දුරක් විහිදෙන දිගු පාෂාණයකි. අතීතයේ විවිධ කාලවලදී මෙම පාෂාණය “දිගුපහන” සහ “දිගුගල්විල” ලෙසහඳුන්වා ඇත . ප්‍රාථමික යකඩ යුගයේ සිට (ක්‍රි.පූ. 1200 – ක්‍රි.පූ 600) විවිධ ස්ථානවල දක්නට ලැබෙන ගුහා සහිත මෙම පර්වතය අසල ජනාවාස පැවති ඇති බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. මීට අමතරව, මෙහි තැනින් තැන දක්නට ලැබෙන ගල් කොරි හා බලන කල මෙම පර්වතය අනුරාධපුර රාජධානියේ සැදූ ශිලා ගොඩනැගිලි සඳහා අමුද්‍රව්‍ය සපයා ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය.

අයත් මෙම මුල් බ්‍රාහ්මී සෙල්ලිපිය කොටා ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේට ශත වර්ෂ කිහිපයකට පෙර 3වන ශත වර්ෂයේදීය. ශ්‍රී ලංකාවේ මහා වංශකථාව වන මහාවංශය, ආක්‍රමණ සහ ජනාවාස වැනි විවිධ අවස්ථාවන්හිදී දෙමළ ජනයා සමඟ බොහෝ අන්තර්ක්‍රියාකාරිත්වයන් ගැන සඳහන් කරයි, නමුත් සෙල්ලිපි මාර්ගයෙන් ඔවුන්ගේ සමාජ ක්‍රියාකාරීකම් සොයාගත හැක්කේ ඉතාමත් අල්ප වශයෙනි. ලංකාවේ රට පුරා සෙල්ලිපි දහස් ගණනක් දක්නට ලැබුණද, මෙම පූර්ව ක්‍රිස්තියානි යුගයේ දෙමළ ප්‍රජාව පිළිබඳ අවබෝධයක් ලබා දෙන සෙල්ලිපි ඇත්තේ අතළොස්සක් පමණි. අනුරාධපුර දමිළ ගෘහපතින්ගේ සෙල්ලිපිය මින් එකකි.

පුරාණ අභයගිරිය ස්ථූපයට වයඹ දෙසින් පිහිටි පාශානයේ සිරස්ව පිහිටි මුහුණතෙහි මෙම සෙල්ලිපිය පිහිටුවා ඇති අතර එහි මෙසේ සඳහන්වේ ;

  1. ඉලුබරතහි දෙමද සමනේ කරිතේ දෙමද ගහපතිකන පාසාදේ
  2. සගස ආසනේ
  3. නසටස ආසනේ
  4. ක _ _ _ තිසහ ආසනේ
  5. _ _ _ ආසනේ
  6. කුබීර සුජාතහ
  7. නාවික කාරවහ ආසනේ

මෙම සෙල්ලිපියේ හැඟවෙන්නේ ඔවුන් එකල සිංහල භාෂාව භාවිතා කිරීමට කැමති බවත්, වෙනත් සෙල්ලිපි වල ඇති නම් වලින් ඔවුන්ගේ නම් (සුජාතා, තිස්ස) වෙනස් නොවන බවත් පෙන්වයි. එසේ නමුත් තමුන්ගේ ජාතික අනන්‍යතාවය ඔවුන් රැකි බව “දෙමද” (දෙමළ) ලෙස තමන් හඳුන්වාගෙන ඇති අයුරින් පෙනේ. ඔවුන් අතර නාවිකයෙකු සහ වෙළෙන්දෙකු වූ අතර, මුල් කාලයේ දෙමළ ජනයා පිළිබඳව වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙනා තොරතුරු හා එය සැසඳේ. මෙම ස්ථානය අනුරාධපුර යුගයේ යම් කණ්ඩායමක් විසින් සභා රැස්වීම් පවත්වන ලද එක් රැස්වීම් ශාලාවක බිම්තලය බව පෙනේ. මෙම බිම්තලය විවිධ මට්ටම්වලට කපා ඇති අතර එහි සෑම මට්ටමකම කොටා ඇති නම් ආසන ගත යුතු අනුපිලිවෙල පෙන්නුම් කරයි.

මෙම සෙල්ලිපියේ “ගහපති” යන වචනය සඳහන් වේ. මෙම වචනය සාමාන්‍යයෙන් සෙල්ලිපි තුල හමු නොවන අතර එය ඒක පුද්ගල පදවි නාමයක් නොව මිනිසුන් කණ්ඩායමක් හඳුන්වන සමූහ නාමයකි. මෙම සෙල්ලිපියට අනුව “දෙමළ භික්ෂුවක්” (දෙමද සමනේ) විසින් “දෙමළ ගෘහමූලිකයන්” වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කොට ඇත. මෙහි භික්ෂූන් වහන්සේගේ නම නම සඳහන් නොවේ. මෙය බොහෝ විට දෙමළ ජන කොටසක රැස්වීම් ශාලාවක් වියහැක.

මෙහි වඩාම උස් වූ ආසනය කරාව නාවිකයාට වෙන්කර තිබීම විශේෂ කරුණකි. මොවුන් සියලු දෙනාම එවකට සමාජයේ යම් ඉහල තලයක වෙළෙන්දන් විය හැක. මොවුන් බොහෝ විට සමාජයේ උසස් තලකය මුදල් හොඳින් ඇති වෙළෙන්දන් කොට්ටාශයක් වන්නට ඇත. කෙසේ වෙතත්, මොවුන් වෙළෙන්දන්ද එසේ නැතිනම් යම් සංවිධානයකට අයත් පිරිසක්දැයි නිර්ණය කල නොහැකිය.

Tamil Householders' Terrace inscription of Ancient Anuradhapura Kingdom - පැරණි අනුරාධපුර අගනගරයේ දෙමල ගෘහපතිගේ සෙල්ලිපිය
Tamil Householders’ Terrace inscription of Ancient Anuradhapura Kingdom – පැරණි අනුරාධපුර අගනගරයේ දෙමල ගෘහපතිගේ සෙල්ලිපිය
source : PARANAVITĀNA, S., 1970. Inscriptions of Ceylon :Volume 1 : Early Brahmi Inscriptions.

ආශ්‍රිත මුලාශ්‍ර

  • PARANAVITĀNA, S., 1970. Inscriptions of Ceylon :Volume 1 : Early Brahmi Inscriptions. 1st ed. Colombo: Department of Archaeology, p.7.
  • Perera, L., Kiribamune., S. and Senanayake, P., 2001. The institutions of ancient Ceylon from inscriptions (from 3rd century BC to 830 AD) – Volume 1. Kandy: International Centre for Ethnic Studies.
  • Indrapala, K., 1965. Dravidian Settlements in Ceylon and the Beginning of The Kingdom of Jaffna. Ph.D. University of London.
  • Raaj de Silva, n.d. The ancient ‘Kaurava Pavilion’ at Anuradhapura. [online] Defonseka.com. Available at: <https://defonseka.com/front-page/early-history-beginnings/karava/k06/> [Accessed 23 July 2021].

සම්බන්ධ වෙනත් පිටු

අනුරාධපුර නගරයේ දෙමල ගෘහපතින්ගේ සෙල්ලිපිය සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න

අනුරාධපුරයට රියදුරු දිශාවන්

කොළඹ සිට ප්‍රධාන මාර්ග කිහිපයක් ඔස්සේ අනුරාධපුරයට ලඟා විය හැකිය. නමුත් ප්‍රධාන මාර්ග දෙක ඇත්තේ කුරුණෑගල හා පුත්තලම (පුත්තලම) හරහා ය. පුත්තලම හරහා මාර්ගයේ ගමන් කරන විට වන ලැහැබින් වටවූ දර්ශනීය විල්පත්තු ප්‍රදේශය පසුවේ. කුරුණෑගල සිට අනුරාධපුරයට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. වඩාත් ජනප්‍රිය මාර්ගය දඹුල්ල හරහා ය. අනෙක් මාර්ගය ගල්ගමුව හරහාය. සියලුම මාර්ග වලින් බහුලව භාවිතා වන්නේ කුරුණෑගල – දඹුල්ල මාර්ගය (2 වන මාර්ගය) යි.

කොළඹ සිට අනුරාධපුරයට - මාර්ගය 01

කොළඹ සිට අනුරාධපුරයට - මාර්ගය 02

හරහා : මීගමුව - හලාවත - පුත්තලම
කොළඹ සිට දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් : මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: අඹේපුස්ස - කුරුණෑගල - දඹුල්ල
කොළඹ සිට දුර : කිලෝමීටර 221
ගමන් කාලය : පැය 3.15 යි
ගමන් කාලය : මෙතනින් ගූගල් සිතියමේ බලන්න

කොළඹ සිට අනුරාධපුරයට - මාර්ගය 03

මහනුවර සිට අනුරාධපුරයට

හරහා: අඹේපුස්ස - කුරුණෑගල - පාදෙණිය - තඹුත්තේගම
දුර : කිලෝමීටර 213
ගමන් කාලය : පැය 3 යි
ගමන් දිශාවන් :> මෙතනින් ගූගල් සිතියමේ බලන්න
හරහා: කටුගස්තොට - මාතලේ - දඹුල්ල
දුර : කිලෝමීටර 139
ගමන් කාලය : පැය 2 යි
ගමන් දිශාවන් : > මෙතනින් ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com