දෙබරවැව යටාල වෙහෙර

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.67 out of 5)
Loading...
Yatala Stupa at Deberawewa
Yatala Stupa at Deberawewa

ක්‍රි.පූ. 3 වන සියවසේදී ප්‍රාදේශීය රජෙකු වූ මහානාග රජ විසින් යටාල වෙහෙර ඔහුගේ බිසව පුතෙකු බිහිකළ ස්ථානයේ ඉදි කොට තිබන බව විශ්වාසයයි. මෙම ස්තූපය ඓතිහාසික ලියවිලි වල මනි චෛත්‍යය සහ යත්තලය ලෙසත්, එම ස්ථානයේ තිබී හමු වූ සෙල්ලිපි වල දළදා චෛත්‍යය ලෙසත් දක්වා ඇත .

මහානාග රජු දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රිපූ 250-210) සහෝදරයෙකි. වලස් වැවේ ඉදිකිරීම් මහානාග පරීක්‍ෂාවට ගියවිට දේවානම්පියතිස්ස රජුගේ බිසව ඔහුට වස සහිත අඹ බඳුනක් යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ. දේවානම්පියතිස්සගෙන් පසු තම පුත්‍රයාට සිහසුන තහවුරු කර ගැනීම සඳහා මහානාග ඝාතනය කිරීම ඇගේ අරමුණ විය. ඒ වන විට පුතා තම මාමා සමඟ වැවේ සිටි අතර දරුවා විෂ සහිත අඹ අනුභව කර එම ස්ථානයේම මිය ගියේය. දේවානම්පියතිස්ස රජු පළිගැනීමේ භීතියට පත් වූ ඔහු තම ගැබිනි බිරිඳ රැගෙන රුහුණට පලා ගොස් මාගම ප්‍රදේශය වටා තමාගේම ප්‍රාදේශීය රාජධානියක් ගොඩනඟා ගත් බව සඳහන්ය.

භූමියේ දක්නට ලැබෙන විශාල ඡත්‍රය ප්‍රමාණය නිසා මෙය දැනට වඩා පුරාණයේ විශාල ස්තූපයක් වූ බව සමහරුන්ගේ විශ්වාසයයි. මෙම ස්තූපය තුළ කුමක් නිදන් කර තිබේදැයි වාර්තා නොවේ. නමුත් ධාතු කරඬු විශාල ප්‍රමාණයක් ස්තූපය තුළ තිබී සොයාගෙන ඇත.

මෙම ස්ථූපය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර ඇති ලද අතර පැරණි ඉදිකිරීම් වල විවිධ අදියරයන් නිරීක්ෂණය කිරීම සඳහා කුඩා විවරයක් ඉතිරි කොට ඇත. යටාල මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ වූයේ ක්‍රි.ව. 1883 දී ය. ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සියවසකටත් වඩා ගත විය. මෙම ස්ථූපය වටා ඇති ඇත් පවුර බොහෝ විට ලංකාවේ පැරණිතම ඇත් පවුර විය හැක.

මෙහි විවිධ ප්‍රතිමා ගෘහ විශාල සංඛ්‍යාවක නටබුන් සංරක්‍ෂණය කොට ඇත. එක් ප්‍රතිමා ගෘහයක සජීවී ප්‍රමාණයට වඩා විශාල ශෛලමය බුද්ධ ප්‍රතිමා 2 ක් ඇත. එක් ප්‍රතිමාවක හිස කැඩී ඇති අතර එය පාමුල දැකිය හැකිය. ගලින් නෙළන ලද විශාල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් සඳහා වෙන්වූ තවත් ප්‍රතිමාගෘහයකි. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ශ්‍රී ලංකාවේ නාථ දෙවියෝ බවට පරිවතනය වූ මහායාන බුද්ධාගමේ සංකල්පයකි. ස්තූපය අසලද අවලෝකේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් සිරස්ව පවතී.

One of the largest Asana with ruins of a  Asanaghara is found at Yatala Vehera
One of the largest Asana with ruins of a Asanaghara is found at Yatala Vehera

යටාල වෙහෙරේ නව සංඝාවාසය අසල පිහිටි අසනඝරයක් පැවති විශාල කැටයම් කළ ශෛලමය ආසනයක් ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1961 දී මෙහි කැණීම් සිදු කළ අතර ආසනඝර ගොඩනැගිල්ල අඩි 66 × 68 ප්‍රමාණයෙන් යුත් බව සඳහන් කොට ඇත.

ලංකාවේ පැරණිතම බෞද්ධ ගෘහ නිර්මාණ අංග තුනක් ලෙස වියතුන් විසින් සලකනු ලබන්නේ බෝධිඝරයත් චේතියඝරයත් ආසනඝරයත් ය. මෙයින් බෝධිඝරය පිළිබඳ වටදාගේ නම් වූ චේතිඝරය පිළිබඳවත් මූලාශ්‍රවල සඳහන් වෙතත් ආසනඝරය පිළිබඳ විස්තර වශයෙන් සඳහන් නොවේ. එහෙත් පැරණි අට්ඨකථාවලත් මහාවංශය දීපවංශය ආදී පැරැණි වංශ කතාවලත් මේ පිළිබඳව යම් යම් සඳහන් ඇත. 

පුරාවිද්‍යාත්මකව තොරතුරු හා සැසදීමේදී සිරිපතුල් සංකේතය හා සම කාලීනව හෝ ඊට මඳ කාලයකට පසු ආසන බුදුන්ගේ සංකේතයක් ලෙස ප්‍රචලිත වී ඇති බව පෙනේ. ගුණපාල සේනාධීර මහතා (Buddhist Symbolism and Wish Fulfillment) ආසන හාවිතය ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිට 9වන සියවස දක්වා පැතිරී තිබු බව පවසයි. ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ඇරඹීමත් සමග බුදුන් සිහිපත් කිරීමට සංකේත භාවිතය පසුබෑමකට ලක්විය.

ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ආසනඝර නටබුන් ගණනාවක් හමු වී ඇත. පුලුකුණාව, කටුවන්නාව, හල්මිල්ලවැටිය, උත්තිමඩුව, ගනේවැව සහ දෙබරවැව යටාල වෙහෙර පුදබිම් වල සමහර ප්‍රචලිත ආසනඝර පිහිටා ඇත. මීට අමතරව ආසන හා ආසනඝර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය නයිගල රජමහා විහාරයේ (අඩි 9 අඟල් 8 දිග සහ අඩි 4 අඟල් 4 පළල), සීගිරිය මහානාග පබ්බතාරාමය, නැගෙනහිර පළාතේ පිහිඹියාගොල්ලෑව (අඩි 8 දිග සහ අඟල් 10 අඟල් පළල) සහ වෙහෙරගල, (අඩි 11 අඟල් 8 දිග සහ අඩි 4 අඟල් 4 පළල) , අනුරාධපුර දිස්ත්රික්කයේ කොක්ඇබේ (අඩි 11 අඟල් 5 දිග සහ පළල අඩි 5 පළල), වව්නියාව දිස්ත් රික්කයේ පෙරියන්කුලම එළුපොතාන, තන්තිරිමලේ (අඩි 9 අඟල් 9 දිග සහ අඩි 4 පුළුල්), සේරුවිල, මැණික් වටදාගේ සහ රාජාංගනය හත්තිකුච්චි ආරාම සංකීර්ණයේ පවතී.

යටාල වෙහෙර හම්බන්තොට – කතරගම මාර්ගයේ දෙබරවැව සහ අකුරුගොඩ අතර තිස්සමහාරාම ස්ථූපයේ සිට කි.මී. 1 1/2 ක් ඈතින් පිහිටා ඇත.

මුලාශ්‍ර

  • ඇම්. ජී. රත්නපාල, 1997. වජ්‍රාසනය. සංකෘතික පුරාණය, 2(8), pp.31-38.

සම්බන්ධ වෙනත් පිටු

දෙබරවැව යටාල වෙහෙර සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

දෙබරවැව යටාල වෙහෙර ගමන් මාර්ග

කොළඹ සිට යටාල ස්ථූපය දක්වා මාර්ගය 01කොළඹ සිට යටාල ස්ථූපය දක්වා මාර්ගය 02
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – ගාල්ල – මාතර කොළඹ
දුර: කි.මී .250
ගමන් කාලය: පැය 3.30
රියදුරු දිශාවන්: ගූගල් සිතියමේ බලන්න
හරහා: රත්නපුර – පල්මඩුල්ල – උඩවලව – තණමල්විල
දුර: 225 km
ගමන් කාලය: පැය 4.30
රියදුරු දිශාවන්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply