තවලම බටහේන අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

අතීතයේදී ගිං ගඟ දෙපස ප්‍රදේශවල සිට ගාල්ල දෙසට භාන්ඩ ප්‍රවාහනයට ගිං ගඟ බොහෝ සේ ඉවහල් විය. ගංගාවේ තොටුපොල සහ ඇතුලත ගම්මාන වලට භාණ්ඩ ප්‍රවාහනය සිදුවූයේ ගැල් හෝ මිනිස් කර මතින්ය.

මෙසේ භාණ්ඩ ප්‍රවාහනය කරන ගැල්කරුවන්ට හා ගැමියන්ට වෙහෙස නිවීමට හා වන සතුන්ගෙන් ආරක්ෂිකව රාත්‍රීය ගත කිරීම සඳහා එම මාර්ග ඔස්සේ අම්බලම් ඉදිවිය. බොහෝවිට තොටුපොළවල් ආසන්නයේද අම්බලම් දැකගත හැක.

තවලම බටහේන අම්බලම මෙවන් තොටුපොල හා ගැල්කරුවන් යා කරන ස්ථානයක සැදූ අම්බලමකි. එදා ගැල් පිට බඩු පටවාගෙන ගිය තවලම්කරුවන් නවාතැන් ගත් ස්ථානය නිසා තවලම යන නමද මෙම ප්‍රදේශයට ලැබී ඇතැයි විශ්වාස කෙරේ.

මෙම අම්බලම 1915 වසරේදී දොන් කොරනේලිස් විජේසේකර වෙදආරච්චි පුද්ගලයෙකු විසින් ගම්වැසියන්ගේ සහයෝගය ඇතුව ගොඩනගන ලද බව අම්බලමේ ගල් පුවරුවක දක්වා ඇත.

මෙම අම්බලම කොටස් දෙකක් වනසේ සාදා ඇත. ආලින්දය වැනි මුල් කොටසේ හා භාග බිත්තියකින් වෙන් වූ ඇතුලත කොටසේ බිත්ති වටා පුළුල් බැමි සාදා ඇත. ආලින්දය වන කොටසේ බැම්මේ උඩ ගල් පුවරු යොදා නිර්මාණය කොට තිබේ.

තවලම මංසන්ධියේ සිට කිලෝමීටර 1.6ක් හිනිදුම දෙසට ගමන් කිරීමෙන් බටහේන මංසන්ධියට පැමිණිය හැක. මෙම මංසන්ධියේ වමට ඇති මාර්ගය ගිං ගඟ හරහා ඇති පාලම හා එක්වේ. තවලම බටහේන අම්බලම ඇත්තේ මෙම මාර්ගය ආරම්භ වන ස්ථානයේ වම් අත දිශාවටය. ඉතා අබලන්ව පැවති මෙම අම්බලම 2019 වසරේදී ප්‍රතිසංස්කරණය කොට ඇත.

මෙම අම්බලම 2023 පෙබරවාරි 1 වන දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශ කරන ලදී.

මූලාශ්‍ර

  • Wikramanayaka, V. (2023) ‘Monuments to be declared as Ancient Monuments’, The Gazette of the Democratic Socialist Republic of Sri Lanka EXTRAORDINARY, 2317/57, p. 7A.

සම්බන්ධ වෙනත් පිටු

තවලම බටහේන අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තවලම බටහේන අම්බලම රියදුරු දිශාවන්

තවලම සිට බටහේන අම්බලම දක්වා
හරහා : හිනිදුම පාර
මුළු දුර : කිලෝමීටර් 1.6
ගතවන කාලය : විනාඩි 5
ගත කිරිය යුතු කාලය : විනාඩි 10  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)