පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.
ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.
මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව මෙවන් ගිමන්හලක් දක්නට ලැබෙනවා. වේරගම්පිට අම්බලම නමින් හඳුන්වන මෙම අම්බලම තිබෙන්නේ නිල්වලා ගඟේ පැරණි නාවිමන තොටුපොලට මීටර 600ක් පමණ ඇතුලට වන්නට. මෙම ගඟ හරහා පාලම් ඉදි කිරීමට පෙර මෙම තොටුපළ කාර්යබහුල ස්ථානයක් වන්නට ඇති. විද්වතුන්ගේ මතය මෙම අම්බලම ඉදි කරන්නට ඇත්තේ මෙම නාවිමන තොටුපොළ කේන්ද්‍ර කරගෙන වියයුතු බවයි. දුරබැහැර සිට තොටුපොළට පැමිණෙන මගීන් වෙහෙස නිවා ගැනීමට මෙම අම්බලම පිළිසරණ වන්නට ඇති.
මෙම අම්බලම ඉතා පැරණි අම්බලමක් නොවේ. මෙය 18වන හෝ 19වන සියවස කාලයේ ගොඩනංවන්නට ඇතිබවයි විශ්වාසය. මෙම අම්බලම සාදා ඇත්තේ අඩි 2½ ක් පමණ උසට ගඩොල් හා සිමෙන්ති භාවිතා කර සාදන ලද වේදිකාවක් මත. නිල්වලා ගඟ වැසි කාලයේදී පිටාර ගැලීමෙන් ඇතිවන ගං වතුර තත්වයෙන් ආරක්ෂා වීමටද රාත්‍රියේදී සර්පයන් හා වනසතුන්ගෙන් ආරක්ෂා වීමටත් වේදිකාව මෙපමණ උසින් සාදන්නට හේතු වන්නට පුළුවන්. වේදිකාව මත අඩියක පමණ පළල කෙටි තාප්පයක් නංවා පැති දෙකක කේතු හැඩයෙන් යුත් සිමෙන්තියෙන් බඳින ලද කණු 6ක් නංවා, ඉතිරි දෙපැත්තේ වහල තෙක් සිමෙන්ති බැම්මෙන් බිත්ති නංවා වහලය නිමවා විවෘත දෙපැතෙන්ම දොරටු තබා තිබෙනවා. වහල පල සතරකින් නිමවා සිංහල උළු වලින් සෙවෙලි කර තිබෙනවා.
අම්බලම තුල බිත්ති වටා ඇති කොට්ටපිලවල් මත හය හත් දෙනෙකුට ලෙහෙසියෙන් නිදාගන්න පුළුවන්. මහනුවර අභාෂය ලැබූ දැවමය අම්බලම්වල මෙන් මෙම අම්බලමේ කැටයම් හෝ වෙනත් කළා නිර්මාණ කිසිවක් දක්නට නැහැ.
දැනට මෙම වේරගම්පිට අම්බලම සංරක්ෂණය කරලා ඊට ඇතුල්වීමට නොහැකි වනලෙස දැල්ගසා යකඩ තහඩුවෙන් සෑදූ දොරක් සවිකර තිබෙන්නේ.
මෙම අම්බලමට යාමට මාතර තාරකා කොටුව අසලින් ඇති ශ්‍රී ධර්මරතන මාවතේ කිලෝමීටර 1.5ක් ගමන් කරවිට මෙම අම්බලම තුන්මං සංදියක හමුවෙනවා. අමබලම පසුකලගමන් ඒ අසලින්ම දකුණට ඇති මාර්ගයේ මීටර 600ක් ගමන් කල විට නාවින්න තොටුපොළට ළඟාවන්නට පුළුවන්.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මාතර වේරගම්පිට අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාතර වේරගම්පිට අම්බලම රියදුරු දිශාවන්
මාතර සිට මාතර වේරගම්පිට අම්බලම දක්වා |
හරහා : ශ්‍රී ධර්මරතන මාවත ඔස්සේ මුළු දුර :කිලෝමීටර 1.6 ගතවන කාලය : විනාඩි 5 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)