වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානය – Welioya Podigalkanda Archaeological Site

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 2.40 out of 5)
Loading...

මුලතිව් දිස්ත්‍රික්කය තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයකින් බැට කෑ ප්‍රරදේශයක් පමණක් නොව මුලතිව් නගරය දෙමළ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බල මූලස්ථානයක්ද විය. මෙහි තැනින් තැන නිතර ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වූ සිංහල මායිම් ගම්මානද, වල් වැදී ගිය අතහැර දමන ලද පුරාණ වැව්ද විශාල ප්‍රමාණයක් විසිරී පවතී. මේ අතර මහ වනයෙන් පීරාගත් ප්‍රදේශයන්හි සොයා ගත් හා නොගත් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථාන හා ජනාවාස විශාල ප්‍රමාණයක් විසිරී පවතී.

යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් ඇතිවන මුලතිව් දිස්ත්රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

වැලිඔය පොඩිගල්කන්ද හඳුන්වන ප්‍රදේශය පවතින්නේ වැලිඔය හරහා ගලා යන මා ඔය සහ වැලි ඇළ යන දිය පහර ද්විත්වය අතරය. මෙම ස්ථානය පුංචිගල්කන්ද ලෙසද හැඳින්වේ. 

ඉහත වාර්තාවට අනුව මෙහි පැරණි ආරාමයක නටබුන්ද ඊට මීටර 70කට පමණ නුදුරින් පුරාණ ස්තූප ගොඩැල්ලක්ද වාර්තා කොට ඇත (පහත ගූගල් සිතියම බලන්න) .

ස්තූප ගොඩැල්ලේ නටබුන් හමුවන්නේ වැලි ඇළට මීටර 150ක් පමණ දකුණටය. මෙම ප්‍රදේශය පිහිටි භූමියෙන් තරමක් උස්ව පිහිටා තිබේ. මෙම භූමිය වටකොට ඇත්තේ මහා පරිමාන කුඹුරුය. මෙම ගොඩැල්ල මීටර 20ක් පමණ විශ්කම්භයක් ඇති අතර එහි මද්‍යය නිදන් හොරුන් විසින් මීටර 3ක් පමණ ගැඹුරට හාරා ඇත.

වසර කිහිපයකට පෙර ස්තූපය ආසන්නයේ ඇති කළුගල කැඩීමට බලපත්‍ර නිකුත් කොට ඇත. මෙම කාලයේම ස්තූපයේ නිදන් කොල්ලය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ස්තූපය අයත් වන ආරාමයේ නටබුන් හමුවන්නේ ස්තූපයට වයඹ දෙසට වන්නටය.

මෙම ආරාමය සකස්කොට ඇත්තේ මාලක දෙකක් ලෙස සකස් වූ භූමි භාගයක් මතය. මෙහි මාලක දෙකෙහිම ගොඩනැගිලි ණටබුන් වේ. මෙහි ශෛලමය කණු හමුවන ගොඩනැගිලි ද්විත්වයම නිදන් හොරුන්ගේ ග්‍රහණයට අසුවී ඇත. මෙම ගොඩනැගිළි මද්‍යයන් නිදන් සොයමින් සාරා ඇති අතර සියලු ගල්කණු කැබලිවලට කඩා ඇත.

යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ මෙම නටබුන් සහිත භූමිය පුරාවිද්‍යා අරක්ෂිතයක් ලෙස නම්කොට සංරක්ෂණය කිරීමට නියමිතය.

මූලාශ්‍ර :

  • Mahaweli Consultancy Bureau (pvt) Ltd, 2020. Environmental Impact Assessment Report For The Proposed Kivul Oya Reservoir Project. Final Report. Colombo: Mahaweli Authority of Sri Lanka.
  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka.

සම්බන්ධ වෙනත් පිටු

වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්

පදවිය සිට වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානය
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 22
ගතවන කාලය : විනාඩි 40
ගත කිරිය යුතු කාලය : විනාඩි 60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply