මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් – Ruins of the Mihinthale Anula Devi Chethiya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් - Ruins of the Mihinthale Anula Devi Chethiya
මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන්

මිහින්තලයේ යන ඔබ මිහින්තලය සහ ඒ අවට ඇති කලුදිය පොකුණ, රාජගිරි ලෙන් වැනි ස්ථාන නරඹා ඇති බවට සැකයක් නෑ. ඒත් මිහින්තලේ පූජා භූමියට ඉතා ආසන්නයේ තිබෙන පැරණි භික්ශුනී ආරාමයක් විදිහට සලකන අනුලා දේවී චෛත්‍ය බොහෝ දෙනෙකු නොදන්නවා වෙන්නට පුලුවන්.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සවිකර ඇති පුවරුවෙහි මෙම පුරාවිද්‍යා භූමිය තුළ ඇති නටඹුන් ක්‍රි.පූ 2 සියවසේ විහාරමහා දේවිය විසින් කරවන ලද විහාරයක නටඹුන් වශයෙන් සැලකිය හැකි බවත් ලක්දිව ප්‍රථම භික්ශුනිය වූ අනුලා බිසව මහණ වී මෙහෙ වාසය කල බවට සැලකිය හැකි බවත් සඳහන් වෙනවා.

ගල්තලාවක් මත පිහිටි කුඩා කඳුගැටයක් මත ඉදි කරපු චෛත්‍යක සහ තැනින් තැන පිහිටි කුඩා ප්‍රමාණයේ චෛත්‍ය රැසකිනුත් මෙම භූමිය සමන්විත වෙනවා.ඊට අමතරව ගොඩනැගිලි පාදම් සහ කණු සිටුවීමට භාවිතා කරපු සිදුරු සහිත ගල් මේ ප්‍රදේශය පුරා විසිරිලා. සියලුම චෛත්‍යයන් දැඩි ලෙස විනාශ වෙලා. ගල්තලාව මත ස්වාභාවික පොකුණු කිහිපයකුත් දක්නට පුලුවන්.

මෙහි තිබෙන සුවිශේෂි දෙයක් තමයි ගල්තලාව මත කොටා ඇති ශිලා ලේඛනය. මෙහි  සඳහන් වන්නෙ කුමක්ද කියලා කිසිඳු සඳහනක් නැහැ. එම ලේඛනයේ සඳහන් වෙන්නෙ මොනවද කියලා සොයා බැලුවත් එම ලිපිය කියවා පල කර ඇති බවක් දැන ගන්නට ලැබුනේ නැහැ.

සටහන : Samandika Manoj Maddumaarachchi

සම්බන්ධ වෙනත් පිටු

මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන් රියදුරු දිශාවන්

අනුරාධපුර සිට මිහින්තලේ අනුලා දේවී චෛත්‍යය නටබුන්
හරහා :මිහින්තලේ
මුළු දුර : කිලෝමීටර් 16
ගතවන කාලය : පැය ½
ගත කිරිය යුතු කාලය : පැය ½-1 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න