යාපන අර්ධද්වීපයේ සැඟවුණු පයිල් හා බෙශුටර් බලකොටු

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
A plan of the Pas Pyl Fort in Jaffna, Sri Lanka drawn in 1693 - From the National Archives of Netherlands
A plan of the Pas Pyl Fort in Jaffna, Sri Lanka drawn in 1693 – From the National Archives of Netherlands

ශ්‍රී ලංකාව ඕලන්ද යටත් විජිතයක්ව පැවතුන කාලයේ යාපනය අර්ධද්වීපයේ දකුණු මායිමේ අර්ධද්වීපය වෙන් වන පටු වැලි ස්තරය හරහා බලකොටු තුනක් රේඛීයව පිහිටා තිබුණි. මෙම බලකොටුවලින් දකුණු කෙලවරේ පිහිටියේ අලිමංකඩ බලකොටුවයි.

අලිමංකඩ සිට සැතපුම් තුනක් ඊසාන දෙසින් පිහිටි ඉයකාච්චි ප්‍රදේශයේ ලන්දේසීන් විසින් කොයිල්වයාල් ගම්මානය අසල ඉදිකරන ලද “පැස් බෙශුටර්” (Pas Beschutter) නම් දෙවන බලකොටුව පිහිටා ඇත. මෙතැන් සිට ඊසාන දෙසින් තුන්වන ලන්දේසි බලකොටුව වූයේ “පැස් පයිල්” (Pas Pyl) ය. මෙම බලකොටු තුනේ අරමුණ වූයේ වන්නි දෙසින් පැමිණෙන ප්‍රහාරයන් වලකාලීම සහ යාපනය අර්ධද්වීපයේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු ආරක්ෂා කිරීමයි.

1697 දී “පැස් පයිල්” (Pas Pyl), “පැස් බෙශුටර්” (Pas Beschutter) හා සහ “පස් එලිෆන්ට්” (අලි මංකඩ) යන බලකොටු තුනෙහි යුරෝපීයයන් 11 ක්, මෙස්ටීස් 3 ක් (ලන්දේසීන් විසින් යුරෝපීය රුධිරය ¾ක් සහ කළු රුධිරය ¼ක් සහිත පුද්ගලයින් සඳහා භාවිතා කරන නමක්) සහ ටෝපාස් 45 ක් සමග 59 දෙනෙකුගෙන් සමන්විත බව වාර්තාකොට ඇත. මේ සියල්ල පාලනය වුයේ ලන්දේසි නැගෙනහිර ඉන්දියානු සමාගමේ වැටුප් යටතේ විය. ඉහත බලකොටු තුනේ පරමාර්ථය වූයේ යාපනය අර්ධද්වීපය තුල මෙම සමාගමේ වාණිජ කටයුතු සුරක්ෂිත කර ගැනීමයි. දකුණෙන් පැමිණෙන ප්‍රහාරයන් වැලැක්වීම අමතරව මෙම බලකොටු මගින් විශේෂ ගමන් බලපත්‍රයක් නොමැතිව ඇතුළුවීම හෝ පිටතට යාම හෝ බලපත්‍රයක් නොමැතිව භාණ්ඩ රැගෙන යාම වැළැක්වීම මෙන්ම වහලුන් සොරකම් කිරීම සහ අලි ඇතුන් සහ වෙනත් වන සතුන් පලාතට ඇතුළු වීම වැළැක්වීම වැනි කටයුතුද විය.

නමුත් කතුවරයා අදහස් දක්වමින් මෙම බලකොටු 3, යාපනය අර්ධද්වීපයේ සැතපුම් 2ක් හරහා විහිදී ඇති බැවින් ජනතාව මෙම බලකොටු මැදින් කුලී හේවායන්ට නොදැනී ගමන් කරන බවය. අර්ධද්වීපය හා ප්‍රධාන භූමිය අතර ප්‍රදේශයේ ආරක්ෂාව තවත් තර කිරීම සඳහා මෙම බලකොටු තුන එක කරමින් අගල්, තල් ගස් වැටක්, කටු වැටක් හෝ තාප්පයක් සෑදීමට නොයෙක් වර සාකච්චා කොට තිබුනද මෙම බලකොටු 3 එකට සම්බන්ධ කිරීමට සාකච්ඡා කර තිබුණි. කෙසේ වෙතත් ඕලන්ද සමාගමට මෙය අර්ධද්වීපයේ වැසියන්ට වැඩි වාසිදායක බවයි. එබැවින් වැඩි දියුණු කිරීම සඳහා ජනතාව වියදම් කළ යුතුය යන මතයේ සිටීම හේතුවෙන් මෙය ක්‍රියාවට නොනැඟිනි.

පයිල් බලකොටුව පිහිටා තිබුණේ නැගෙනහිර කෙළවරේ ය. බලකොටුව චතුරස්රාකාර වූ අතර අලිමංකඩ බලකොටුව මෙන් ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකක මුර අට්ටාල දෙකක් තිබිණි. ප්‍රංශුවා වැලෙන්ටිජන්ට අනුව, 1679 දී යාපනයේ ආණ්ඩුකාර ලොරෙන්සෝ වැන් පයිල්ට ගෞරවය පිණිස මෙම බලකොටුව ඔහුගේ නමින් නම් කොට ඇත. මෙහි බලකොටුව ව්‍යුහය වටා දිවෙන පුළුල් කොටසක් (rampart) නොතිබුණි. ඒ වෙනුවට, අභ්‍යන්තර ගොඩනැඟිලි ප්‍රධාන බලකොටුව බිත්තියේ පිටුපස පැත්තට කෙළින්ම එක් වී තිබිණි. මුර අට්ටාල මතට පිවිසිය හැකි පඩි පෙළවල් සාදා තිබිණි. මුහුද අසල සදා ඇතිවීම හා වසර 30 කට ආසන්න කාලයක් ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් මෙම බලකොටුවේ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විශ්වාස කෙරුණද, වැලි සහ කටු පඳුරු සහිත සහිත වෙරළ තීරයේ හමුවූ ගොඩනැගිළි නටබුන් කිහිපයක් සහ පැරණි ළිඳක් මේ බලකොටුවේ නටබුන් ලෙස විශ්වාස කෙරේ.

1980 දශකයේ මෙම ප්‍රදේශය පිළිබඳව කරන ලද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මෙම ප්‍රදේශය යාපනයේ පැරණි ජනාවාස ස්ථානයක් බවයි. අක්කර 10 ක පමණ භූමි ප්‍රමාණයකින් පැරණි මැටි භාණ්ඩ කැබලි සොයාගෙන ඇති අතර මේවා ක්‍රිස්තියානි යුගයේ උදාව සිට බ්‍රිතාන්‍ය යුගයේ මුල් භාගය දක්වා දිව යන බව වාර්තා කර ඇත. මෙම බලකොටුව ඉදිකර ඇත්තේ මෙම පුරාවිද්‍යා භූමිය මතය.

බෙශුටර් බලකොටුව (බෙස්ෂුතර් බලකොටුව) අනෙත් බලකොටු 2 හා සමාන හැඩයකින් යුක්ත වූ අතර මුර අට්ටාල දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවලින් නිර්මාණය කර ඇත. මෙම බලකොටුවේ අර්ධ වශයෙන් පුළුල් බිත්තියක් (rampart) තිබුණි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ පරාජයෙන් පසුව මෙම බලකොටුවෙන් යැයි විශ්වාස කෙරෙන නටබුන් කිහිපයක් සොයාගෙන තිබේ. මෙම ස්ථානයේ ආරුක්කු හැඩති වෙඩිබෙහෙත් ගබඩා කාමරයක් යයි සැලකිය හැකි කොටසක් බිත්තියේ කොටසක් සංරක්ෂණය කර ඇත.

බෙශුටර් කොටුව (බෙස්ෂුතර් බලකොටුව) නටබුන් මහනුවර – යාපනය මාර්ගයට කි.මී. 4 ක් දුරින් හා අලිමංකඩට කිලෝමීටර 8ක දුරින් පිහිටා ඇත.

ආශ්‍රිත

  • Pieters, S., 1911. Memoir of Hendrick Zwaardecroon, Commandeur of Jaffnapatam (afterwards Governor-General of Nederlands India) 1697. For the guidance of the council ot Jaffnapatam, during his absence at the coast of Malabar (translation to English). 1st ed. Colombo: H. C. Cottle, Government Printer.
  • Tennent, J., 1860. Ceylon: An Account of the Island – Physical, Historical, and Topographical with Notes of its Natural History, Antiquities, and Productions. 4th ed. London: LONGMAN, GTIEEN, LONGMAN, AND ROBERTS.
  • Jayasena, R., and Floore, P. (2010). Dutch Forts Of Seventeenth Century Ceylon And Mauritius: An Historical Archaeological Perspective. In First Forts, Leiden, The Netherlands: Brill. Available From: Brill https://doi.org/10.1163/ej.9789004187542.i-278.91 [Accessed 18 April 2021]
  • Ragupathy, P., 1987. Early settlements in Jaffna : An Archaeological Survey. 1st ed. Madras: Sudarsan Graphics.

සම්බන්ධ වෙනත් පිටු

යාපන අර්ධද්වීපයේ පයිල් හා බෙශුටර් බලකොටුව සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාපන අර්ධද්වීපයේ පයිල් හා බෙශුටර් බලකොටුව ගමන් මාර්ගය

කොළඹ සිට අලිමංකඩ දක්වා
හරහා :පුත්තලම
මුළු දුර :කිලෝමීටර 360
ගතවන කාලය  : පැය 8
ගතකල යුතු කාලය : විනාඩි 15-20  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply