ළමා උද්‍යානයක මුවාවෙන් වනසන සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 228 ඊ සිරාජ් නගර් ග්‍රාම නිලධාරි වසමේ සිරාජ් නගර් ළමා උද්‍යානයේ මෙම නටඹුන් සහිත දාගැබ පිහිටා ඇත.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ 97 මංසංධියෙන් දකුණතට සේන වල්ලිකුලම් වැව දක්වා ගමන් කරන මගෙහි වැව දක්වා පැමිණ ඒ ඔස්සේ තවත් කිලෝ මිටර දෙකක් පමණ ගිය පසුව මෙම ස්ථානයට ලගා විය හැකිය. නටඹුන් සහිත සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය වැව් බැම්ම කෙලවර දක්නට ලැබේ.

කවර කලෙකදි කවර නිරිදෙකු විසින් කරවන ලද්දක්ද යන්න තහවුරු කරගත නොහැකි වුවද එහි ඇති නටඹුන් දෙස බැලිමේදි අනුරාධපුර මුල් යුගයට අයත් බැව් කිව හැකිවේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නටඹුන් සහිත පුදබිම පිහිටි සමස්ථ භූමි ප්‍රමාණය 2017 මාර්තු 20 වන දින අංක 2011/7 ගැසට් නිවේදනය ප්‍රාකාරව පුරාවස්තු ආඥා පනතේ 16 වැනි වගන්තියට අනුව පැරණි ස්මාරකයක් ලෙස නම් කරනු ලැබිය.
සේනවල්ලිකුලම් වැවට දකුණින් පිහිටි පර්වතයක් වැනි කුඩා කදු ගැටයක් මත මෙම නටඹුන් දක්නට ඇත. මෙම ස්ථානයේ දාගැබ් දෙකක නටඹුන් පැවැති බවත් පසුව ඒවා විනාශ කර දැමු බව ප්‍රදේශයේ ගැමියන් පවසයි. දාගැබ් දෙකක නටඹුන් තිබු නිසා ගැමියන් එම ස්ථානය “නිවුන් සෑගල” ලෙසද හදුන්වයි. පර්වතයේ කොටසක පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන්ගෙන් යුත් සෙල් ලිපි දෙකක් තිබු බව ගැමියන් කියයි.

නටඹුන් පිහිටි ස්ථානය මත මිට වසර පහකට පමණ පෙර අනවසර ඉදිකිරිමක් කර තිබේ. තඹලගමුව ප්‍රාදේශිය සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත මෙකි ඉදිකිරිම කර ඇති බව පෙනි යයි. ළමා උද්‍යානයක් හා ජල ටැංකියක් ඒ අවට ඉදිකර තිබෙනු දක්නට ලැබේ. මෙම ස්ථානය තුල සංවර්ධනයේ මුවාවෙන් සිදුකල පුරා වස්තු හානියේදි විසිර ගොස් ඇති උළු කැබලි, ගඩොලු හා මැටි බදුන් කොටස් ද දා ගැබ් ගොඩැල්ලට නැගෙනහිරින් පර්වතයේ කෝව වලවල් දෙකක් ද දාගැබට පහලින් පාදම් ගලක් ද දක්නට ඇත.

නටඹුන් සහිත පර්වතය මත පිහිටි දා ගැබ් ගොඩැල්ල මත ළමා උද්‍යානයේ එක් විනෝද ක්‍රීඩා උපකරණයක් සවිකර නටඹුන් පර්වතය වටා ස්ථිර වැටක් ගසා වෙන් කර ගෙන තිබේ. මල් අසුනක් හෝ ආසනඝරයක් බවට සිතිය හැකි අඩි 10 ක් පමණ දිගින් යුත් අඩි තුනක් තුනහමාරක් පමණ පළලින් යුතු අගල් 10 ක් පමණ උසින් යුතු ශෛලමය පුවරුවක් වාන අසල නුග රුකක් මුල දක්නට ඇත. පර්වතයේ එක් ස්ථානයක හදුනාගත නොහැකි සළකුණු කිහිපයක් දක්නට ඇත.

මෙම නටඹුන් ඩෝසර් කර ඒ මත ළමා උද්‍යානයක් ඉදිකර ඇති බවත් මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් පවත්වා සංරක්ෂණයට සුදුසු කටයුතු කරන්නැයි වරක් පාර්ලිමේන්තුවේ දි ඉල්ලිමක් කිරිමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ කටයුතු කලේය. (හැන්සාඩ් වාර්ථාව 2019.09.04 – 274 වන කාණ්ඩය දෙවන කලාපය 152 පිටුව)

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

සම්බන්ධ වෙනත් පිටු

සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා :
මුළු දුර : කිලෝමීටර් 24
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30ක් පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply