මීපේ ගම්මානය ගාල්ල හබරාදූව ප්‍රාදේශීය කොට්ටාශයේ තවමත් නාගරීකරණය නොවූ මනරම් ගම්මානයකි. පුරාණ කාළයේ මෙම ප්‍රදේශයේ මී ගස් බහුලව තිබූ බැවින් මෙම ප්‍රදේශයට මීපේ යන නම වැටී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
මනරම් වෙල්යායක් මැද ගොඩනගා තිබෙන මෙම අම්බලමට වසර 200කට වැඩි දිගු අතීතයක් තිබේ. පුරාණයේ ගාල්ල ප්‍රදේශයට ගමන් කල මගීන්ට හා ආසන්නයේ ඇති පුරාණ ශ්‍රී පියදස්සි විහාරයට පැමිණෙන බැතිමතුන්ට මෙම අම්බලම සෙවනක් වූ බවට සැකයක් නැත.
[wp_ad_camp_1]
වසර 2016 පමණ වන විට මෙම අම්බලම සම්පූර්ණයෙන්ම ගරා වැටී තිබිණි. ඉතිරිව තිබුනේ වහලය දරා සිටින කණු සමහරක් සහ කෙටි බිත්ති කැබලි පමණි. වහළය සම්පූර්ණයෙන් කඩා වැටී තිබිණි. අම්බලම ගොඩනැගිල්ල මතින් විශාල ගස් වැවී තිබිණි.
මෙසේ අවසන් හුස්ම හෙලමින් සිටි මීපේ අම්බලම 2016 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ප්‍රතිෂ්ඨාපනය කොට සංරක්‍ෂණය කොට ඇත. මෙම අම්බලම සතරැස්ය. වහලය කණු සතරකින් දරා සිටී. එය සිංහල උළු යොදා ආවරණය කොට ඇත. පරාළ සියල්ල මඩොල් කුරුපාවට සම්බන්ද කොට ඇත. එහි ශක්තිය වැඩි කිරීමට ප්‍රධාන හරස් පරාලයකට මඩොල් කුරුපාව සම්බන්ධ කොට ඇත.
මෙම අම්බලම නැරඹීමට හබරාදුව මීපේ මංසන්දියට ප්‍රථමයෙන් පැමිණෙන්න. මෙය පිළාන – ගිනිගල මාර්ගයේ පිහිටා ඇති මෙම මංසන්දිය කඩමන්ඩියක් හෝ නොමැති තුන්මන්සලකි. මෙම මංසන්දියෙන් පිළාන – ගිනිගල මාර්ගයෙන් හැරී ඉස්පිරිතාල පාර ඔස්සේ මීටර 750ක් පමණ ගමන්ගත් කල මනරම් වෙල්යායක් මද්‍යයේ මීපේ අම්බලම දැකගත හැක.

image source : Rivira Online
වසර 2013 දී මීපේ අම්බලම ආසන්නයේ කන්දක් මත වසර 200කට වඩා පැරණි ස්ථුපයක් හමුවී ඇති බව වාර්තා උනි. මෙම කඳු ප්‍රදේශය වසර 50 කට වැද්ද කැලයෙන් වැසී තිබුණ අතර මෙම විහාරාස්තානය අතහැර දමා තිබුණි.
සොයාගත් කරුණු අනුව මෙම විහාරය සදා ඇත්තේ පිළානේ පදිංචි ජයසුන්දර නමැති බැතිමතෙකු විසින්. වසර 200කට පමණ පෙර සාදා ඇති මෙම විහාරය එකල හඳුන්වා ඇත්තේ කෙසෙල්කඩුව විහාරය යන නමින්. මෙම විහාරය මෙසේ අභාවයට ගොස් වනගත වීමට හේතුව අභිරහසක්.
කඳු මුදුනේ සදා ඇති මෙම කෙසෙල්කඩුව විහාරයට ගමන් කිරීමට ගල් පඩි 200ක් පමණ භාවිතා කර තිබිණි. මෙම විහාරය සොයා ගන්නා අවස්ථාවේදී මෙම ගල් පඩි බොහොමයක් ගලවාගෙන ගොසින් තිබූ අතර ඉතිරි වී තිබුනේ කිහිපයකි. කඳු මුදුනේ ස්තූපය හැර සියලු ගොඩනැගිලි කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණෙන් විනාශවී ගොස් ඇත. මෙම ස්තූපයද නිදන් ග්‍රහණයට හසුවී තිබුණ බව වාර්තා වී තිබිණි.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
හබරාදූව මීපේ වෙළමැද අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
හබරාදූව මීපේ වෙළමැද අම්බලම රියදුරු දිශාවන්
ගාල්ල සිට හබරාදූව මීපේ වෙළමැද අම්බලම දක්වා |
හරහා : උණවටුන – හීනැටිගල මුළු දුර : කිලෝමීටර 11 ගතවන කාලය : විනාඩි 25 ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |