පුරාණ කාලයේ ජනතාව තැනින් තැනට ගියේ පයින් එහෙම නැත්තම් කරත්තයෙන්. වන්දනා හෝ වෙළඳාමට යන ගමන් මැන්නේ දින ගණනින් දැන් වගේ පය ගණනින් නොවේ. එමනිසා තැනින්තැන ගිමන්හල් එහෙම නැත්තම් අම්බලම් බිහි උනා. මෙම අම්බලම් මගීන්ට සුරක්ෂිතව රාත්‍රිය ගත කිරීමට සුළු ආහාරයක් පිස ගැනීමට භාවිතා උනා. ඒවා සුලබව භාවිතාවන මාර්ග කේන්ද්‍රගත කරගෙන ගොඩනැගුනේ. අම්බලම් ගොඩනැගීමේදී තෝරා ගත්තේ මගියෙකුට අවශ්‍ය පහසුකම් තිබෙන ස්ථානයක් , එනම් ලිඳක් හෝ දියපහරක් අසල තමයි අම්බලම් ඉදි කෙරුනේ.
ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.
පිටවල අම්බලම (පල්ලේපිටවල අම්බලම) කුඩා නමුත් ලී කැටයමින් අනූන දැවමය අම්බලමක්. පුරාණයේ මහනුවර සිට මහියංගනයට මාර්ගය වැටී තිබුනේ පිටවල, දාගැවිල්ල, තැන්න, ගල්පඩිපෙළ, යහළේගම හා මිණිපේ හරහා දුෂ්කර මාර්ගයක. එමනිසා මෙම මාර්ගයේ අම්බලම් සඳහා අවශ්‍යතාවය තදින් තිබෙන්නැති.
බොහෝ විට තෙත් දේශගුණයක් පවතින මෙම ප්‍රදේශයේ අමබලමේ ලී ආරක්ෂා වන ලෙස ටැම්පිට ආකාරයට පොළවට උඩින් අඩි 2ක් පමණ උසට සක්ක ගලෙන් හා මැටියෙන් වේදිකාවක් සාදා ඒමත දැව සැකිල්ල තබා පිටවල අම්බලම (පල්ලේපිටවල අම්බලම) සාදා තිබෙනවා.
විශාල දැව කඳන් 4කින් සෑදු සැකිල්ලක කුඩුම්බි කපා ඒමත තවත් විසල් දැව කඳන් 4ක් තිරස්ව රඳවා ඒමත දැව තවත් දැව රාමුවක් ඉහලින් සවිගන්වා ඒ මත වහලය සාදා තිබෙනවා. සිරස් දැව කණු අලංකාර ලෙස කැටයම් කර තිබෙනවා. මෙම අමබලම වසර 150ක් පමණ පරණ බවයි විශ්වාසය. මේ හාඋසින්, ප්‍රමාණයෙන් හා සැලැස්මෙන් සමාන තවත් අම්බලමක් උඩුනුවර කෙවුල්ගම පිහිටා තිබෙනවා.
මහනුවර – මහියංගන මාර්ගයේ කෝවිලමඩ පසුකර ටැම්පිටියාන (ටැම්මිටියාව) ප්‍රදේශයෙන් කළුන්තැන්න දෙසට දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර 4-5ක් පමණ පිටවල රජමහා විහාරය දෙසට ගමන් කිරීමෙන් පිටවල අම්බලම වෙත ලඟා විය හැක.
පහත ගූගල් සිතියමේ ලකුණු කර ඇත්තේ මෙම පිටවල අම්බලම පිහිටි දළ ප්‍රදේශය පමණක් බව සළකන්න.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- අම්බලම හා සමාජය : ශ්‍රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක්, 2018. , 1. කොළඹ : සීමාසහිත ඇස් ගොඩගේ සහෝදරයෝ (පුද්.) සමාගම.
- කෙවුල්ගම අම්බලම, 2020. මිහිතුරු [online],
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
උඩුනුවර පිටවල අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
උඩුනුවර පිටවල අම්බලම රියදුරු දිශාවන්
මහනුවර සිට උඩුදුම්බර පිටවල අම්බලම දක්වා |
හරහා :තැන්නේකුඹුර – හුන්නස්ගිරිය — කෝවිලමඩ – ටැම්පිටියාන මුළු දුර :කිලෝමීටර 59 ගතවන කාලය : විනාඩි 1.45 ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)