යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් – Thalaguruhela Monastic Ruins inside the Yala National Park

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (5 votes, average: 2.40 out of 5)
Loading...
Thalaguruhela Monastic Ruins inside the Yala National Park - යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන්
Thalaguruhela Monastic Ruins inside the Yala National Park – යාල තුළ සැඟවුණු තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන්

යාල ජාතික වනෝද්‍යානය ලෙසද හැඳින්වෙන රුහුනු ජාතික වනෝද්‍යානය තුල ඇති බොහොමයක් ගල්කුළු හා කඳු මත පුරාණ රුහුනු රාජධානියේ බෞද්ධ ආරාමයන් රාශියක් කාලයේ වැලිතලාවෙන් සැඟවී තිබේ. මෙම නටබුන් උද්‍යානය තුළ ඇති සෑම කඳු මුදුනකම පාහේ දක්නට ලැබෙන නමුත් නොයෙක් නීති හා මාර්ග නොමැති වීම හේතුවෙන් මෙම ප්‍රදේශ වෙත පුද්ගලයින් ගමන් කරන්නේ කලාතුරකිනි.

13 වන සියවසෙන් පසු, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඊසානදිග ප්‍රදේශයේ ශිෂ්ටාචාරය කෙමෙන් බිඳ වැටෙන්නට විය. යුද්ධ, වසංගත හා වාරිමාර්ග පද්ධති විනාශය හේතුවෙන් ජනතාවගේ ජීවනෝපායන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රදේශයෙන් ජනතාව වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මේ සමඟම මෙම ප්‍රදේශයේ මහා බෞද්ධ ආරාම ද ක්‍රමයෙන් හුදකලා වී මෙම උදාර ශිෂ්ඨාචාරය ක්‍රමක්‍රමයෙන් අවසානයේ රුහුණු වනාන්තර විසින් ගිල ගැනිණි.

19 වන සියවසෙන් පසු මෙම ප්‍රදේශයේ ජනාවාස නැවත ක්‍රමයෙන් වර්ධනය විය. නමුත් මේ වනවිට, බ්‍රිතාන්‍ය යටත් විජිත රජය යාල ප්‍රදේශය දඩයම් සඳහා රක්ෂිතයක් ලෙස වෙන් කර තිබු අතර නිදහසින් පසු එය ජාතික වනෝද්‍යානයක් බවට පත් විය. මේ මගින් එහි මායිම් තුළ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන පෙරපරදීම වන ආවරණය තුල සැඟවී ගියේය. මෙමගින් මෙම පුරාවිද්‍යා ස්ථාන පසුකාලීන මානව ක්‍රියාකාරකම් මගින් ආරක්ෂා වුවද ඒවා නිධන් හොරුන්ගේ පහසු දඩයම් භූමි බවට පත්විය.

යාල වන අඩවිය තුල මෙසේ සැඟවී ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සමහරක් නම් කුඩුම්බිගල, කිරිපොකුනහෙල, බඹරගස්තලාව, බෝවත්තේගල, කෝන්ගල සහ නෙලුම්පත් පොකුන, විහාරගල, දිවුලනගොඩ, දෙමටගල, අතුරුමිතුරුගල, කනබිසෝවුන්ගේ ගල්ගේ සහ තලගුරුහෙල ය.

තලගුරුහෙල පිහිටා ඇත්තේ යාල කොටස III තුළ වන අතර එය තුලට සාමාන්‍ය ජනතාව පැමිණෙන්නේ කලාතුරකිනි. එම හේතුව නිසාම මෙහි වන සතුන් වාහන හා මිනිස් ක්‍රියාකාරකම් වලට හුරු වී නොමැත. මේ නිසා අලින්, දිවියන් හා වලසුන් දැකීම මෙම ප්‍රදේශයේ දුර්ලභ වේ. කොටස III වෙත පිවිසීම ඇත්තේ කතරගම – බුත්තල මාර්ගයේ පිහිටි ගල්ගේ පිවිසුම හරහාය. තලගුරුහෙල ශිඛරය මෙම පිවිසුමට කිලෝමීටර 22ක් දුරින්ද. ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන කුඹුක්කන් ඔයට කිලෝමීටර 4.75ක් දකුණින්ද, දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 25 ක් උතුරින්ද පිහිටා ඇත.

මීට වසර 100 කට පමණ පෙර 1920 දී බ්‍රිතාන්‍ය ලංකාවේ බ්‍රිතාන්‍ය මිනින්දෝරු ඒකකයක් විසින් “තලගුරුහෙල නටබුන්” මුලින්ම වාර්තා කොට ඇති අතර එය “අඟල් 1: සැතපුම් 1” සිතියමෙහි සලකුණු කොට තිබේ. වර්තමාන “1 : 50,000 සිතියම” හි දක්වා ඇති විස්තරයට අනුව, උතුරු දකුණු දෙසට කිලෝමීටර 1..5ක හා නැගෙනහිර – බටහිර දෙසට කිලෝමීටර 1ක් බිම් ප්‍රදේශයක මෙම නටබුන් පැතිරී ඇත.

1974 දී ප්‍රකාශිත “ලංකා සංචාරකයා සඳහා වූ අත්පොත” (Handbook for the Ceylon Traveller) වාර්තා කරන්නේ තලගුරුහෙල මෙම කඳුපන්තියේ උසම කඳු මුදුන බවයි. ගලේ කැපූ ගල්පඩි හැත්තෑ හයක් කඳු මුදුනට විහිදී යන අතර මුදුනේ ස්තුපයක නටබුන් හා ක්‍රිස්තු පූර්ව යුගයට යත් සෙල්ලිපියක් පවතී. මුදුණ අසල ලෙන් පහක් සහ තවමත් සිරස්ව ඇති ගල් කණු 16 ක් පවතී. මෙම කඳු පාමුල සෙල්ලිපි සහිත තවත් ලෙන් දක්නට ලැබේ. අර්ධ වශයෙන් හානියට පත් අඩි 18 ක් දිගැති ඔත් පිළිමයක් එක් ගුහාවක දක්නට ඇත. ගල් කුළුණු සහ ගලින් කල මල් ආසනයක් ඒ අවට දක්නට ලැබේ.

කෙසේ වෙතත්, 1917දී රූපවාහිණි සංස්ථාව විසින් විකාශනය කරන ලද වැඩසටහනකින් පෙනී යන්නේ තලගුරුහෙල මුදුනේ තිබූ ස්ථූපය මුළුමනින්ම පාහේ අතුරුදහන් වී ඇති බවයි. ස්තූපයක් පවතින බව පෙන්නුම් කරන්නේ විසිරුණු ගඩොල් පමණි. ඉහත සඳහන් සෙල්ලිපිය පියගැට පෙළ අසල ගල් තලාවේ පිහිටුවා ඇත. එය ලියා ඇත්තේ මුල් බ්‍රාහ්මී අක්ෂරයෙනි (ක්‍රි.පූ 3 සිට 1 වන සියවස දක්වා). මෙහි කියවිය හැක්කේ “අරිහා” යන අක්ෂර 3 පමණක් බැවින් ශිලා ලිපිය පිළිබඳව නිසි අර්ථ කථනයක් කළ නොහැකිය. ගල් පඩිපෙළ ඔස්සේ අත්වැළක් සවිකොට තිබු හතරැස් සිදුරු ගලේ කොටා තිබෙනු දක්නට ලැබේ. මෙම සිරස් කණු වල නටබුන් කිසිවක් සොයාගත නොහැකි බැවින්, අත්වැලේ කණු දැව වලින් සාදා ඇති බවට අනුමාන කළ හැකිය. සැතපෙන ප්‍රතිමාව සොයාගත් ගුහාව විශාල හතු හැඩැති ගුහාවකි. එහි සම්පුර්ණ දිග ඔස්සේ කටාරමක් කොටා ඇත. ගුහාවේ සෙල්ලිපි නොමැත. මෙම ප්‍රතිමාව නිධන් හොරුන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර අතුරුදහන් වී ඇත. එසේ නමුත් මෙම ලෙන තුළ ගඩොල් වේදිකාවේ සහ බිත්තිවල කොටස් තැනින් තැන දැකිය හැක.

Map of Thalaguruhela with the spread of ruins of the ancient monastic complex as explored by an Japanese Archaeology Team in 2018.
Map of Thalaguruhela with the spread of ruins of the ancient monastic complex as explored by an Japanese Archaeology Team in 2018.

යාල වනයේ සැඟවී ඇති බෞද්ධ නටබුන් පිළිබඳව විවිධ පුරාවිද්‍යාත්මක පරීක්ෂණ සිදු කර ඇති ජපාන පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් 2016 හා 2018 වසර වලදී තලගුරුහෙල නටබුන් පිළිබඳ වඩාත් පුළුල් ගවේෂණයක් සිදු කර ඇති අතර තලගුරුහෙල මුදුනට උතුරින් වනාන්තරයේ පිහිටා ඇති විවිධ ගුහා සංකීර්ණ, ස්ථූප 2 ක නටබුන්, පොකුණක්, පිළිම ගෙයක් සහ හඳුනා නොගත් ගලින් කල ගෘහයන් කිහිපයක් සිතියම් ගත කර ඇත. . අනෙක් පැති ගවේෂණය කරනොමැත. 1985 දී යාල තුළ ගුප්ත බුදුපුටුන නටබුන් සොයාගෙන නිධන් හොරුන් විසින් මෙම ප්‍රතිමා ක්‍රමයෙන් විනාශ කිරීම ද පෙන්වා දුන්නේද මෙම කණ්ඩායමයි.

ආශ්‍රිත

  • 1974. Handbook for the Ceylon traveller. 1st ed. Colombo: Studio Times.
  • スリランカ密林遺跡探査隊 2018 – ヤラ国立公園タラグルヘラ山周辺の遺跡探査事業計画
  • Sobadhara | Season – 01 | Episode 32 | Sobadhara Rupavahini

සම්බන්ධ වෙනත් පිටු

තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් - ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් ගමන් මාර්ග

කොළඹ සිට තලගුරුහෙල විහාර සංකීර්ණයේ නටබුන් (ගල්ගේ පිවිසුම දක්වා)
හරහා : දක්ෂිණ අධිවේගී මාර්ගය – කතරගම – බුත්තල මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 275
ගතවන කාලය : පැය 4
ගත කිරිය යුතු කාලය :පැය 1-2
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com