ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගේ පිදුම් ලබන ප්‍රධාන ශිව කෝවිල් 5 අතරට මන්නාරම තිරුකේතීෂ්වරම් කෝවිල අයත් වේ. මන්නාරම යාපනය මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ යන විට තිරුකේතීෂ්වරම් කෝවිලට පිවිසුම් මාර්ගය හමුවේ. එම මාර්ගයේ මීටර 200ක් පමණ ගමන්ගත් විට දකුණු පසින් වැවට මුහුණලා ඉංග්‍රීසි අවධියට අයත් යැයි විශ්වාස කළ හැකි උස් වූ කුළුණක් දැකගත හැක. සතරැස් මෙම කුළුණ මහල් හතරකින් යුක්තය. මෙහි මුල් කොටසේ පැත්තක දිග මීටර 2.4ක් වන අතර උස මීටර 2.3ක් වේ. ඉතිරි මහල් තුන ක්‍රමයෙන් කුඩා වන ලෙස ඉහලට නංවා ඇත. දෙවන හා තුන්වැනි මහක් පළවෙනි මහලට වඩා උසින් අඩුය. හතරවන මහල දෙවන හා තුන්වන මහල වලට උසින් වැඩිය.
කුළුණේ බිම් මාලයට ඇතුළුවීම සඳහා සෙන්ටි මීටර් 70 ක් උස ආරුක්කු හැඩැති දොරටුවක් නිර්මාණය කොට ඇත. මෙම ආරුක්කුවෙන් ඇතුළු වූ පසු කුළුණේ මධ්‍ය ලක්ෂයේ සිට මුදුනට විවෘත වන පරිදි සමචතුරස්‍රාකාර තිරස් සිදුරක් සාදා ඇති අතර එය දිගින් පළලින් සෙන්ටිමීටර් 21කි. මෙම කුළුණ මිනින්දෝරුවන් විසින් මිනුම් කටයුතු සඳහා භාවිතා කරන ලද්දකි.
මෙවැනිම මිනුම් කුළුණක් මෙම යාපනය මාර්ගයේ තවත් කිලෝමීටර 26ක් දුරින් ඉලුක්පකඩවයි පඩවුතුරේ දැකගත හැක. එම කුළුන මහල් පහකින් සමන්විතය.
ජයාරුපය : මන්නාරම දිස්ත්‍රික්කය ග්‍රන්ථය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ආශ්රිත ලිපි හා ග්රන්ථ
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. මන්නාරම දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව,පිටු .97.
සම්බන්ධ වෙනත් පිටු
මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මන්නාරම තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ රියදුරු දිශාවන්
මන්නාරම සිට තිරුකේතිශ්වරම් කෝවිල පාර පැරණි මිනින්දෝරු කුළුණ දක්වා |
හරහා : පූනරීන් පාර මුළු දුර : කිලෝමීටර් 4.5 ගතවන කාලය : විනාඩි 5 ගත කිරිය යුතු කාලය : විනාඩි 15 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්රාග් ඉතිහාස ලිපි (1) ප්රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)
අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)